Chief Architect Show Dimensions-Chief Architect Premier X6-Sinhala



chief architect show dimensions


මෙන්න පළවෙනි පාඩමේ ලින්ක් එක, ඒකත් කියවල මේ පාඩමට ආවනම් හොදයි ,  අපි කළින් කතා කරා පිටත බිත්ති අදින්නේ කොහොමද කියල...


මම දිගටම පාඩම කරන් යන්නේ පහළ Drawing 1 කියන (.plan) ෆොර්මැට් එකෙන් තියෙන Chief Architect ෆයිල් එකට අනුව තමයි.
කැමති කෙනෙක් භාගත කරගන්න පුළුවන්, කැමති කෙනෙක්ට තමන්ගේම Drawing 1ක් ඇදගෙන වුනත් වැඩ කරගෙන යන්න පුලුවන්; තීරණය සරලයි.

Download Drawing 1

ඇතුලත බිත්ති ඇඳගැනීමට Build  Wall  Straight Interior Wall යන්න ඔස්සේ ගොස් පිටත බිත්ති ඇඳගත් අකාරයටම ඇතුලත බිත්ති ඇඳගත හැක.
Chief Architect Show Dimensions-Chief Architect Premier X6-Sinhala
Straight Interior Wall

බිත්තියක කොටසක් කපා ඉවත් කිරීම


මේ සදහා Build  Wall  Break Wall යන්න ලබා ගත යුතුය. දැන් මවුස් පොයින්ටරයv කුඩා වෘත හැඩයකට වෙනස් වේ. දැන් එය බිත්ති වල මුළු මතට ගෙන ගිය විට සක්‍රිය වන (snap) බැවින්, කැපීමට අවශ්‍ය තැනට මවුස් පොයින්ටරය ගෙන ගොස් ක්ලික් කර යුතුය. එවිට එම වෙන් වුන තැන් වල කුඩා රේඛාවක් දැක්වෙයි. ඉන් පසුව Select Object ටූල් එක භාවිතා කර එම වෙන් කරන ලද කොටස් සිලෙක්ට් කර මකා දැමීම/ පිහිටීම වෙනස් කිරීම හෝ කළ හැක.

බිම් සැසුම් (ෆ්ලෝ) අඳින විට කාමර වෙන් කිරීමට බිත්ති යොදා ගත්තද බිත්ති වලින් වෙන් නොවන ස්ථානද බෙදුම් රේඛාවලින් වෙන් කර දැක්විය යුතුය. මෙයට Build මෙනු එක තුළින් Wall  Room Divider යන්න ලබා ගන්න. දැන් සාමාන්‍ය බිත්ති අදින අකාරයටම එක් තැනක සිට තවත් තැනකට ඇදගෙන ගොස් බෙදුම් රේඛා ඇඳගැනීමට පුළුවන.
සැලසුමෙහි පිටත බිත්ති වල වල මිණුම් දැක්වීමට CAD  Automatic  Dimensions  Auto Exterior Dimensions යන්න තේරීය යුතුය. එවිට පිටත බිත්තියේ මිණුම් සියල්ල ඉබේ සටහන් වේ.

මිනුම් දැක්වීම

නිවසේ ඇතුළත මිණුම් දැක්වීමට CAD  Automatic  Dimensions  Auto Interior Dimensions යන්න තේරිය යුතුය. මෙවිට සැලසුමට අයත් සෑම කොටසක් සදහාම මිනුම් යෙදවෙයි. එසේ නොමැතිව අවශ්‍ය තැනට පමණක් මිනුම් දීමට නම් CAD ⇨ Dimensions ⇨ Interior Dimensions යන්න ලබා ගත යුතුය. දැන් මිනුම් ලබා ගැනීමට අවශ්‍ය එක් තැනක් මත පමණක් ක්ලික් කර තවත් තැනක් වෙත මවුස් පොයින්ටරය ගෙන යා යුතුය, දැන් එම ස්ථාන දෙක අතර පළලට අදාළ මිනුම් දැක්වෙයි. මෙලෙසම උසක්, යම් කිසි ඇළයකට, හරස් අතට මිනුම් ලබා ගත හැක.

කෝණ වල මිනුම් දැක්වීමට CAD ⇨ Dimensions  Angular Dimensions යන්න ඔස්සේ යා යුතුය. ඉන්පසුව මිනුම් ලබා ගත යුතු කෝණයක් අසල ඇති බිත්තිය මත ක්ලික් කර අනෙක් බිත්තිය දැක්වෙන රේඛාව මතට මවුස් පොයින්ටරය ගෙන යා යුතුය. එවිට එම කෝණයේ අගය අංශක වලින් පෙන්වයි. 

කාමර හා වෙනත් අයිතමයන් නම් කිරීම


නිර්මාණය කරගත් සැලස්මෙහි නාන කාමර, නිදන කාමර, මුළුතැන් ගෙය යනාදී වශයෙන් සියල්ල නම් කර ගත යුතුය. මෙහිදී නම් කිරීමට අවශ්‍ය කාමරය මත ක්ලික් කර එය සිලෙක්ට් කර ගත යුතුය. දැන් රයිට් ක්ලික් කළ මෙනුවෙන් Open Object යන්න තේරීය යුතුය. එහිදී Room Specification නම් ඩයලොග් බොක්ස් එක විවෘත වෙයි. එහි වම් පසින් ඇති General යන්න සිලෙක්ට්ව තිබියදී ඊට දකුණු පසින් ඇති Room Type මෙනු එක තුළින් කාමර වර්ගය තෝරා දිය යුතුය. (පහළ රූපයේ පරිදි)
ඉහළ තත්වයේ DRAWING තුළ Furniture අයිතමයන්ද නම් කර ඇත, ඒවා සදහා කෙටි සංකේත භාවිතා කරන අතර එම සංකේත වල අර්ථය DRAWING එකෙහි පසෙකින් දැක්වේ.