55152d16bec1e53f7f2bc1aae730e014dd00585c Costing for Plastering Cement Motar - Construction, Final Account & Tender

Wednesday, July 5, 2017

Costing for Plastering Cement Motar

සිමෙන්ති බදාම කපරාරුවකට යන පිරිවැය සොයමු.

Costing for Plastering Cement Motar

Costing for Plastering Cement Motar

තෙත් බදාම මිශ්‍රනයකින් 1cub සෑදීමට වියළි සිමෙන්ති සහ වැලි (C:S) ඕනෑම අනුපායකට 1.35 cub වැය වේ.

සිමෙන්ති මිශ්‍රන අනුපාත :- 1:2, 1:3, 1:4, 1:5, 1:6 etc.

එක් එක් සිමෙන්ති මිශ්‍රන අනුපාත සාමාන්‍යයෙන් පහත පරිදි විවිධ වැඩ සඳහා යොදාගනී.

 Masonry Works --------- 1:6 to 1:8
  Plastering Masonry ----------- 1:3 to 1:4
  Plastering Concrete -------- 1:3
  Pointing -------------- 1:2 to 1:3

දැන්, සිමෙන්ති මිශ්‍රන අනුපාතය 1:2 ක් වූ තෙත් බදාම 1cub සෑදීමට අවශ්‍ය වියළි ද්‍රව්‍ය ගනණය කරමු.

(C:S = 1:2)

C = 1.35 × 1/3 = 0.45 cub
S = 1.35 × 2/3 = 0.9 cub


සිමෙන්ති වෙලඳපොලේ විකිනීමට අැත්තේ 50 kg බෑග් වශයෙනි. සිමෙන්ති කොට්ටයක පරිමාව 1.23 ඝනඅඩි (cft) වේ.  ∴  ඉහත අැති සිමෙන්ති කොට්ට ප්‍රමාණය

= (0.45 × 100) / 1.23 = 36.58 bag

ප්‍රවාහනයේදී සහ ගොඩ ගැසීමේදී සිදුවන නාස්තිය වෙනුවෙන් සිමෙන්ති සඳහා 5% වැලි සඳහා 10% ක් එකතු කරන්න.

එවිට, 
C = 36.58 + (36.58 × 5/100) = 38.4 bag

S = 0.9 + (0.9 × 10/100) = 0.99 cub

වෙනත් මිශ්‍රණ අනුපාත මඟින් තෙත් බදාම 1 cub සදාගැනීමට යන වියළි අමුද්‍රව්‍ය ප්‍රමාණයන් ඉහත පරිදිම සොයාගත හැක.

1:2 මිශ්‍රණ අනුපාතයම යොදාගෙන ඝනකම අඟල් 1/2 ක් වූ 100 වර්ග අඩි, කපරාරුවක් සඳහා අවශ්‍ය සිමෙන්ති සහ වැලි අනුපාත සොයමු.

මෙම Squar එකෙහි දිග, පළල අඩි 10 බැගින් වේ, ඝනකම අඟල් භාගයකි.

= (10 × 10 × 1/2)/12       (අගයන් තුනම එක එ්කකයක් බවට පත් කිරීමට 12 බෙදා අැත.)
= 100/24 ඝනඅඩි     (ඝනඅඩි, cub කිරීමට 100 න් බෙදා අැත.)
=1/24 cub

∴ අවශ්‍ය සිමෙන්ති = 1/24 × 38.4 = 1.6 bag //
            අවශ්‍ය වැලි = 1/24 × 0.99 = 0.04 cub //

තවත් මේවැනි ලිපියකින් හමුවෙමු.😁😁 මෙම විෂයට කැමති ඔබගේ මිතුරන්ටද අපගේ blog අඩවිය ගැන දැනුවත් කරන්න, ඔබගේ අදහස් කමෙන්ට් මඟින් ලබා දෙන්න.😇😇😇

Recommended Posts × +