Tuesday, March 21, 2017

What Is Cement - Sinhala

What Is Cement - Sinhala

සිමෙන්ති කියන්නෙ මොනාද?



ඇත්තටම සිමෙන්ති කියන්නෙ මොනාද? හැමෝටම ඒගැන අදහසක් ඇති. ඇත්තටම සිමෙන්ති කියන්නෙ Binding agent එකක්. ඒ කිව්වෙ වැලි, ගල්, ගඩොල්, වගේ දේවල් එකක් හෝ කිහිපයක් ශක්තිමත් ලෙස එකට බන්ධනය කල හැකි ද්‍රව්‍යක්.
සිමෙන්ති විවිධ වෙළඳ නාම වලින් වෙළඳපොළට එනව, ඉතින් එ් එක එකක් විවිධ වූ වැඩ සඳහා භාවිතා කරනව, 
පහළ තියෙන්නේ Tokyo Super යන වෙළඳ නාමයෙන් යුත් වෙළද පොළේ තිබෙන සම්මත බෑග් එකක්.
cement-constructionway.blogspot.com
cement
සාමාන්‍යයෙන් හොල්සිම් වගේ අමු හුණු ගල් මිශ්‍ර සිමෙන්ති කොන්ක්‍රිට් වහළවල් (Slab) වලට භාවිතා කරන් නෑ, හේතුව තමයි අමු හුණු ගල් මිශ්‍ර සිමෙන්ති දාල ස්ලැබ් එකක් හැඳුවම එ්ක අව්වට පැළෙන්න ගන්නවා. එ් නිසා තමයි ස්ලැබ් වලට Tokyo Super, Ultra Tech වගේ බෑන්ඩ් එකක් යොදාගන්නේ.

සිමෙන්ති නිෂ්පාදනය



විවිධ වර්ග වල සිමෙන්ති නිෂ්පාදනය කිරීමට විවිධ ක්‍රම තිබේ. සාමාන්‍යයෙන් ordinery portland cement (OPC) සිමෙන්ති නිෂ්පාදනය කරන්න අවශ්‍ය වෙන්නෙ හුණුගල් සහ මැටි. මේ දෙක හොදින් කවලම් කරල සෙල්සියස් අංශක 1400 විතර රත් කරයි. මේහිදී සිදු වන ප්‍රතික්‍රියා පහත පරිදි වේ.


1. හුනුගල් සෙල්සියස් අංශක 800 දි, කැල්සියම් ඔක්සයිඩ් සහ කාබන් ඩයොක්සයිඩ් හදනව.
හුනුගල් + සෙල්සියස් අංශක 800 = CaO + CO2

2. ඉහත සෑදුනු කැල්සියම් ඔක්සයිඩ්(CaO) මැටි වල ඇති අයන් ඔක්සයිඩ්(Fe2O3) සහ ඇලුමිනියම් ඔක්සයිඩ්(Al2O3) සමග ක්‍රියා කර 3CaO.Al2O3( C3A) හා 4CaO.Al2O3.Fe2O3(C4AF) සාදනව
CaO + මැටි + සෙල්සියස් අංශක 1000 = C3A + C4AF-----------------------------1


3. ඉහත සෑදුනු CaO මැටි වල සහ හුනුගල් වල ඇති සිලිකා සමග ක්‍රියාකර 3CaO.SiO2(C3S) හා 2CaO.SiO2(C2S) හදනව.
CaO + මැටි හා හුනුවල සිලිකා + සෙල්සියස් අංශක 1400 = C2S + C3S----------------2

ඉතින් 1 සහ 2 ට (C3A,C4AF,C2S ,C3S) තමා අපි සිමෙන්ති කියන්නෙ

දැන් මේ මිශ්‍රණයට ජිප්සම් දාන්නත් ඕනෙ. ජිප්සම් දැම්මෙ නැත්තම් අපිට මුකුත් කරන්න බෑ. සිමෙන්ති වලට වතුර දැම්ම ගමන් ගල් වෙලා ඉවරයි. ජිප්සම් දාන්නෙ setting time එක පරක්කු කරන්න. සිමෙන්ති හැදුව වගේ නෙමෙ ඒකෙන් අපිට ඕනෙ වැඩේ හරියට කරන්න යම්කිසි කාලයක් ඕනෙ. ඒ නිසා තමා ජිප්සම් දාන්නෙ. තව දෙයක් තමා ජිප්සම් දානකොට ගොඩාක් පරිස්සම් වෙන්න ඕනෙ. මොකද ජිප්සම් වල quality යේ පොඩි හරි වෙනසක් උනොත් ඒක සිමෙන්ති වලට ඉතාමත් විශාල බලපෑමක් කරනවා. 


සිමෙන්ති වර්ග



සිමෙන්ති වර්ග කිව්වම හිතන්න එපා මම අායේත් වෙලඳ නාම ගැන කියනව කියල. සාමාන්‍යයෙන් ලංකාවෙ තියෙන සෑම සිමෙන්ති බ්‍රෑන්ඩ්  SLS සහ BS සම්පූර්න කරනව. ඉතින් ඔය මොනා කිව්වත් ඔක්කොම එක වගේ හොදයි. ආයි කාරනාවට ආවොත්, සිමෙන්ති වර්ග ගොඩක් තියෙනව. ඒත් ප්‍රධාන වශයෙන්,

1. Rapid hardening portland cement
OPC තරම්ම වේගයකින් සෙට් වෙනව. ඒත් OPC වලට වඩා ශක්තියෙන් වැඩියි.

2. Low-heat portland cement
නමේම තේරුම තියෙනව. OPC වලට වඩා hydration process පිටවන තාපය අඩුයි. ලොකු ඉදිකිරීමක් කරනකොට පිටවන තාපය වැඩි උනොත් එම තාපය හේතු කොට ගෙන ඉදිකිරීමේ ඉරිතැලීම් ඇති වෙන්න පුලුවන්. එවැනි අවස්ථාවල තමා මේ සිමෙන්ති භාවිත වෙන්නෙ. විශේෂයෙන්ම විශාල වේලි, බිත්ති, කොන්ක්‍රීට් සැකිලි වල වගේ.

3. White portland cement
OPC වලට සමානයි. ඒත් සුදු පාටින් යුක්තයි. අලංකරනය තමා මෙහි අරමුන. සුදු පාට වෙන්න නිෂ්පාදනයේදී කෙයොලින් සහ චෝක් 

4. Hydrophobic portland cement
සිමෙන්ති අංශු ජලය නොගැටෙන පටලයකින් යුක්ත වෙනව. ආර්ද්‍රතාව වැඩි ප්‍රදේශ වල ගබඩා කරන්න වෙනකොට මේ සිමෙන්ති තමා ගන්නෙ

5. Sulphate resisting portland
OPC සිමෙන්ති වලට වඩා මේ සිමෙන්ති සල්ෆේට් වලට ප්‍රතිරෝධය දක්වනව. කොන්ක්‍රීට්, සල්ෆේට් සමග ගැටෙන අවස්තාවල(සල්ෆේට් විශාල වශයෙන් පවතින පස් සහ ජලය ඇති අවස්තාවල) භාවිත කරනවා

6. Super sulphated portland cement
OPC සිමෙන්ති වලට වඩා මේ සිමෙන්ති අම්ල වලට ප්‍රතිරෝධය දක්වනව. ආද්‍රතාව වැඩි ප්‍රදේශ වල ගබඩා කිරීමෙන් වලකින්න

7. High alumina cement
ශක්තිමත් බව ක්‍රමයෙන් වැඩි වෙනව. පලමු පැය 24 තුල ශක්තිමත් බවින් 75% ලබා ගන්නව. විශාල තාපයක් පිට කරනව. මුහුදු ජලය සදහා හොද ප්‍රතිරෝධයක් දක්වනවා. උෂ්න කලාප වල භාවිතයට සුදුසු නොවේ.

8. Portland blast furnance cement
OPC සිමෙන්ති වලට වඩා මේ සිමෙන්ත පිටකරන තාපය අවම වෙනව. ඒ වගේම අම්ල සදහා හොද ප්‍රතිරෝධයක් දක්වනවා

9. Quick setting cement
මිනිත්තු 5 පලමු සෙට් වීම ඇරබෙනව. මිනිත්තු 30 අවසාන සෙට් වීම ඇරබෙනව. OPC වලට වඩා ඉතාමත් වේගයෙන් සෙට් වෙනව.

10. ordinary portland cement(OPC)
මෙන්න අපි හැමෝම දන්න සිමෙන්ති. ලෝකෙ වැඩියෙන්ම භාවිත කරන්නෙ මේ සිමෙන්ති තමා. අනිත් විශේශ සිමෙන්ති වලට වඩා ලාභදායකයි. ඕනෑම ඉදිකීරීමක් සදහා යෝග්‍යයි.


බාල සිමෙන්ති හදුනා ගනිමු.




 සිමෙන්ති බෑග් එකේ මැස්ම හානි වෙලාද කියල බලන්න. එහෙම නම් ඒ වගේ සිමෙන්ති එ තරම් හොද නෑ

 සිමෙන්ති බෑග් එක ප්‍රවාහනයේදි හෝ බෑමේදි නැවිමක් සිදුවෙලාද කියල බලන්න.


 
සිමෙන්ති බෑගය සිරස්ව තබා හොදට තදට පැක් වෙලා තියෙනවද කියල බලන්න.


 සිමෙන්ති බෑග් ගබඩා කරන්න කලින් ඉරිලද කියල බලන්න. එහෙම ඉරිල නම් එවැනි බෑග් ගබඩා කරන්න එපා

 
සිමෙන්ති බෑග් එකක බර කිලෝ 50.25ක් තියෙන්වද කියල බලන්න. බර කිලෝ 50යි. ඉතිරි 0.25 බෑග් එකේ බර. එහෙම නැත්තම් සිමෙන්ති කොට්ට 4 ගත්තොත් ඔයාට කිලෝ 1 පාඩුයි.


ගබඩා කර තබන කාලයත් සමග සිමෙන්ති වල ශක්තිමත් භාවයේ විචලනය...

ගබඩා කර තබන කාලය(මාස)       ශක්තියේ අඩුවීම
3                                                20%
6                                                30%
12                                              40%
24                                              50%

ඉතින් පුලුවන් තරම් නිෂ්පාදන දිනයට ලග සිමෙන්ති මිලදී ගන්න උත්සහ කරන්න.



සිමෙන්ති ගබඩා කිරීම.



එලිමහනේ ගබඩා කිරීමේදී සැලකිලිමත් වියයුතු කරුණු...




 පොලවේ සිට අගල් 4 ක් පමන උස වියලි ස්ථනයක (ලෑල්ලක වගේ) ගබඩා කරන්න.
 සිමෙන්ති ගොඩ පොලිතින් කවර භාවිත කර සම්පූර්නයෙන් ආවරනය කරන්න.
 සිමෙන්ති ගොඩේ උඩ කොටස වහලයක හැඩේට සකසන්න. (වතුර රැදී නොතිබී ගලායන පරිදි)
 සුලගකදී පොලිතින් කවර ගැලවී නොයන පරිදි පොලිතින් කවර වල යට කොටසට බරක් එල්ලන්න.


ගබඩාවක ගබඩා කිරීමේදි සැලකිලිමත් විය යුතු කරුණු...




ගබඩාව වතුර නොයන පරිදි නිර්මාණය කර ඇත්දැයි බලන්න
 ගබඩාවේ ගබඩා කිරීමේදී මුලින්ම ගබඩා කල සිමෙන්ති මුලින්ම එලියට ගත හැකි පරිදි අසුරන්න.
 බිත්ති සහ සිමෙන්ති කොට්ට අතර අඩි 2 ක පරතරයක් තබන්න.
 එක උඩ එක සිමෙන්ති කොට්ට තැබීමේදි 10 ට වඩා අඩුවෙන් තබන්න.
 සිමෙන්ති කොට්ට පොලිතින් භාවිතයෙන් වසා තබන්න.
 පොලවේ සිට අගල් 4 ක් පමන උස වියලි ස්ථනයක ගබඩා කරන්න.

What Is Cement - Sinhala

Recommended Posts × +