Friday, December 2, 2016

Tender Procedure-Sinhala 01

Tender Procedure (ටෙන්ඩර් කාර්යය පටිපාටිය).


සේවාවක් ලබාගැනීමටත් භාණ්ඩ මිලදී ගැනීමටත් සිවිල් ඉංජිනේරුමය කාර්යයන් සදහාත් Tender ඉදිරිපත් කරනු ලැබේ. අයිති කරු විසින් කරනු ලබන අරාධනයකට අනුව ප්‍රතිචාරයක් දැක්වීම ටෙන්ඩර් ස්වභාවය යි.
ලංසුවක්(Tender) යනු එකග කර ගත් මුදලකට එකග කර ගත් කාළයකට අනුව පාර්ශව දෙකක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් අතර ඇති කර ගන්නා ලිඛිත නෛථික ගිවිසුමකි.

tender-procedure-constructionway.blogspot.com

Tender Procedure


  • අයිති කරු :- යම් ව්‍යාපෘතියක් සදහා මුදල් යොදවන පාර්ශවය මේ නමින් හැදින් වේ. අයිති කරු පුද්ගලයෙක් හෝ ව්‍යාපාරයක් විය හැක. අයිති කරු ගේ කාර්යය වැඩ ඉදිරිපත් කිරීම හා ක්‍ර‍ොන්ත්‍රාත් ප්‍රකාරව මුදල් ගෙවීම පමණි.

  • උපදේශක :- ක්‍ර‍ොන්ත්‍රාත්තුව සදහා සහභාගි වන අයිති කරු හා ක්‍ර‍ොන්ත්‍රාත්කරු යන දෙදෙනාම උපදේශක සේවා ලබා ගනී. උපදේශක මගින් නිතීමය, මූල්‍යමය, තාක්ෂණික,... වැනි උපදෙස් ලබා ගත හැකිය.

  • ක්‍ර‍ොන්ත්‍රාත්කරු :- ටෙන්ඩරයේ අඩංගු සියලුම කොන්දේසි වලට යටත්ව අදාල ඉදිකිරීම නියමිත කාලයට ගුණාත්මකභාවයෙන් යුතුව නිම කරව පාර්ශවය වේ.



Sub Contractor (උප‍ ක්‍ර‍ොන්ත්‍රාත්කරු )

                                  යම් කිසි ව්‍යාපෘතියක විශේෂ වැඩ කොටසක් නිම කිරීම සදහා උප‍ ක්‍ර‍ොන්ත්‍රාත්කරුවන්ගේ සහය ලබා ගනී. මෙහිදී ප්‍රධාන ක්‍ර‍ොන්ත්‍රාත්කරු උප ක්‍ර‍ොන්ත්‍රාත්කරු අතර ගිවිසුමක් ඇති කර ගනී. උප‍ ක්‍ර‍ොන්ත්‍රාත්කරුවන්ගේ කාර්යයන් සදහා අයිති කරුගේ මැදිහත් වීමක් නොමැත.

Nominated Sub Contractor (නම් කරන ලද උප‍ ක්‍ර‍ොන්ත්‍රාත්කරු)

                   තම ව්‍යාපෘති සදහා  අයිති කරු විසින් තීරනය කරනු ලබන උප ක්‍ර‍ොන්ත්‍රාත්කරුවන්  මේ නමින් හැදින්වේ.


ප්‍රමාණ සමීක්ෂක (QS)


ප්‍රමාණ සමීක්ෂක (QS) ගැන දැන ගන්න මෙතනින් යන්න...

1.) අයිතිකරුගේ ප්‍රමාණ සමීක්ෂකගේ රාජකාරී 

↠ ඉදිකිරීම අාරම්භ කිරීමට පෙර දල අැස්තමේන්තු සකස් කිරීම.
↠ ව්‍යාපෘතිය සැලසුම් කිරීමෙන් පසු විස්තරාත්මක අැස්තමේන්තු සැකසීම.
↠ ලංසු ලියවිලි සකස් කිරීම.
↠ ලංසු කැදවීම.
↠ ලංසු විශ්ලේෂණය කිරීම.
↠ අන්තර් ගෙවීම් සහතික අනුමත කිරීම.
↠ වැඩ අවසන් වූ පසු මිණුම් ලබා ගැනීම.
↠ අවසන් ගෙවීම් සකස් කිරීම.
↠ අමතර වැඩ සදහා මිල ගනන් සකස් කිරීම.

2.) ක්‍ර‍ොන්ත්‍රාත් කරුගේ ප්‍රමාණ සමීක්ෂගේ රාජකාරී

 වැඩබිම් පරික්ෂා කිරීම හා වැඩබිම් වාර්තා පිරික්සීම.
 අවශ්‍ය කොන්ත්‍රාත් පමණක් ලබාගැනීමට උපදෙස් දීම.
 සැලසුම් හා ප්‍රමාණ බිල්පත්‍ර හොදින් අධ්‍යනය කර අඩුපාඩු අැතොත් උපදේශකට දැනුම් දීම.
 ගබඩා, සේවකයන්ට නවාතැන් (පිලට් වැනි දෑ), ජලය, විදුලිය සහ මාර්ග වැනි පහසුකම් අැතිදැයි සොයා බැලීම.
 අමුදුව්‍ය වල මිළ ගනන් නිතර සොයා බැලීම.
 ටෙන්ඩර් විවෘත කිරීම, ටෙන්ඩර් සාකච්ඡා වලට සහභාගී වීම.
 ටෙන්ඩර් මිල කිරීම, බිල්පත් හා අවසාන බිල්පත් සැකසීම.

ක්‍ර‍ොන්ත්‍රාත්කරු ක්‍ර‍ොන්ත්‍රාත්තුව සදහා තෝරා ගැනීම.

 පළපුරුදුද්ද හා කීර්තිනාමය - ක්‍ර‍ොන්ත්‍රාත් කරුවෙකුට හොද පළපුරුදුදක් සහ කීර්ති නාමයක් තිබිය යුතුය.
 අසාදු ලේඛන ගත නොවිය යුතුය. (Black list)
 M-5 සංකල්පය සපුරා තිබිය යුතුය.
 ක්‍ර‍ොන්ත්‍රාත්  ශ්‍රේණියක් ලබා තිබිය යුතුය.


ICTAD ශ්‍රේණිත කිරීම.(Institute for Construction Training and Development)


ICTAD අායතනය මගින් ක්‍ර‍ොන්ත්‍රාත්කරුවන්ගේ මූල්‍යයමය තත්වය සහ අනෙකුත් සුදුසුකම් සලකා ශ්‍රේණියක් ලබා දීම සිදුකෙරේ. මේ වන විට ලංකාවේ ක්‍ර‍ොන්ත්‍රාත්කරුවන්ට අනිවාර්ය සුදුසුකමක් ලෙස මෙය සැලකේ.
ICTAD - constructionway.blogspot.com
ICTAD ශ්‍රේණිත කිරී

Tender Method

↠ Open Tendering (විවෘත ටෙන්ඩර් ක්‍රමය)
↠ Selective Tendering (තෝරාගත් ටෙන්ඩර් ක්‍රමය)
↠ Negotiated Tendering (නම් කරන ලද ටෙන්ඩර් ක්‍රමය)

විවෘත ටෙන්ඩර් ක්‍රමය

මෙම ටෙන්ඩර් ක්‍රමයේදී අවශ්‍යතාවය අනුව ඕනෑම ටෙන්ඩර් කරුවෙකුට ඉදිරිපත් විය හැකිය. මෙම ක්‍රමයේදී ටෙන්ඩර් අාරාධනා ලිපියක් මගින් කොන්ත්‍රාත් කරුවන් කැදවීම සිදුවේ.

ටෙන්ඩර් ලිපියක අඩංගු විය යුතු කරුණු


↠ විස්තරයක්...
↠ වැඩිදුර විස්තර දැන ගැනීමට කෙනෙකුගේ දුරකථන අංකයක්
↠ කොන්ත්‍රාත් කරුවන් ගේ ශ්‍රේණිය
↠ නැවත ගෙවන මුදලක් (අැපකරයක්)
↠ නැවත නොගෙවන මුදලක්

 මෙම ටෙන්ඩර් ක්‍රමයේ වාසි :-
↠ අාධුනික කොන්ත්‍රාත් කරුවන්ට ඉදිරිපත් විය හැක.
↠ ලංසු කරුවන් අතර තරගකාරීත්වය වැඩි නිසා මිල අඩු ලංසුවක් තෝරාගැනීම පහසු වේ.

 මෙම ටෙන්ඩර් ක්‍රමයේ අවාසි :-
↠ අාධුනික කොන්ත්‍රාත් කරුවන් ඉදිරිපත් වීම නිසා කොන්ත්‍රාත්තුව බංකොලොත් භාවයට පත්වීමේ අවධානමක් අැත.
↠ තරගකාරීත්වය වැඩි නිසා ප්‍රමිතියෙන් අඩු ලංසු ඉදිරිපත් විය හැක.
↠ ලංසුව සදහා ගත වන කාළය ඉතා වැඩිය.
↠ ලංසු තෝරා ගැනීමේ කාළ සීමාවේදී වියදම ඉතා වැඩිය.

tender-note-constructionway.blogspot.com
දිනමිණ පුවත් පත 2016.12.10

තෝරාගත් ටෙන්ඩර් ක්‍රමය


මෙම ටෙන්ඩර් ක්‍රමයේදී අයිති කරු විසින් පිරිසකට පමණක් ටෙන්ඩර් සදහා අාරාධනා කිරීම සිදුවේ.
මෙම ක්‍රමයේදී භාවිතා වන ක්‍රියාවලි දෙකකි.

1.) අයිතිකරු විසින් තමාගේ අායතනය තුල ලියාපදිංචි කොන්ත්‍රාත් කරුවන්ගේ ලේඛනයක් පවත්වා ගනී. අරාධනා ලිපියක් මගින් ලංසු කරුවන් ලියාපදිංචි කර ගැනීම සදහා අරාධනා කෙරේ. ඒලෙස සකස් කරගත් ලේඛනය මගින් අවශ්‍ය මොහෝතේදී කොන්ත්‍රාත් සදහා ලංසු කරුවන් තෝරා ගැනීම සිදුවේ. මෙම ලේඛනය යම් අායතනයන් මගින් වසරක් පසා සංශෝධනයට ලක් කෙරේ.

2.) අයිතිකරු විසින් කොන්ත්‍රාත් කරුවන්ගේ ලේඛනයක් ලබා ගත හැකි, වෘත්තීමය අායතනයකින් සහය ලබා ගනී. ඒමගින් ලැබෙන ලේඛනයේ අවශ්‍යතා අනුව කොන්ත්‍රාත් කරුවන්ට අාරාධනා කිරීම සිදුවේ.

 මෙම ටෙන්ඩර් ක්‍රමයේ වාසි :-
↠ ඉදිකිරීම සදහා යන කාළය සාපේක්ෂව අඩු වීම.
↠ තරගකාරීත්වය අඩු නිසා ප්‍රමිතියෙන් ඉහළ ලංසු ඉදිරිපත් විය හැක.
↠ ටෙන්ඩර් තෝරාගැනීමේ කාළය තුල වියදම අඩුය.
↠ පළපුරුදු කොන්ත්‍රාත් කරුවන් ඉදිරිපත් වීම නිසා කොන්ත්‍රාත්තුව බංකොලොත් වීමේ අවධානම අඩුය.
↠ කොන්ත්‍රාත් කරු හා අයිතිකරු අතර විශ්වාසය වැඩිය.

 මෙම ටෙන්ඩර් ක්‍රමයේ අවාසි :-
↠ තරගකාරීත්වය අඩු නිසා මිල අඩු ලංසු ඉදිරිපත් නොවේ.
↠ තෝරාගත් පිරිසක් පමණක් ඉදිරිපත් වන නිසා කොන්ත්‍රාත් කරුවෙකු තෝරා ගැනීමේදී අපහසුතා අැතිවිය හැක.

නම් කරන ලද ටෙන්ඩර් ක්‍රමය

අයිතිකරු විසින් නම් කරන ලද කොන්ත්‍රාත් කරුවෙකු විසින් කොන්ත්‍රාත්තුව පවත්වාගෙන යෑම මෙම ටෙන්ඩර් ක්‍රමයේ ස්වාභාවයයි.
මෙම ක්‍රමයේද භාවිතා කළ හැකි අවස්ථා දෙකකි.

1.) හදිසි අවස්ථාවකදී බිල්පත්‍ර, සැලසුම් සහ ලංසු කිරීම සදහා කාළය වැය කිරීම ඉතා අපහසුය. ∴ විශේෂ වූ කොන්ත්‍රාත් අායතනයකට කොන්ත්‍රාත්තුව ලබා දීමත්, ඒම අායතනය මගින්ම සැලසුම් බිල්පත්‍ර අාදී සියලුම කටයුතු සිදුකර කඩිනමින් ඒම ව්‍යාපෘතිය අවසන් කිරීම සිදුවේ.

2.) විශේෂ ඉදිකිරීමක් සදහා ඒම ක්ෂේත්‍රයට අදාල කොන්ත්‍රාත් කරුවන් කිහිපදෙනෙකු පමනක් සිටීනම් ටෙන්ඩර් කිරීමකින් තොරව ඉදිකිරීම භාරදීම සිදුවේ.

 මෙම ටෙන්ඩර් ක්‍රමයේ වාසි :-
↠ කාළය ඉතා අඩුය.
↠ ටෙන්ඩර් ක්‍රියාවලිය සිදු නොවීම නිසා අයිතිකාර පාර්ශවයේ ශ්‍රමය සහ වියදම ඉතා අඩුය.

 මෙම ටෙන්ඩර් ක්‍රමයේ අවාසි :-
↠ මිල ඉතාම වැඩිය.
↠ ව්‍යාපෘතිය කඩිනම් වීම හේතුවෙන් ප්‍රමිතය අඩු විය හැක.

ටෙන්ඩර් ගැන තවදුරටත් දැන ගන්න කැමතිද?

ටෙන්ඩර් ගැන දෙවැනි ලිපිය කියවන්න...
Social Buttons

Recommended Posts × +