Monday, January 1, 2018

Compaction Test Or In-Situ Density Test(Soil, Quary Dust or ABC)

Compaction Test or In-Situ Density Test (Soil, Quary Dust or ABC)

Sand Cone Test




Machines for soil Compaction in the filed

* Rammer
Smooth Rollers
Rubber-Tire
Sheep foot Roller
Dynamic Compaction
Compaction soil by Rammer
Compaction soil by Rammer
Compaction soil by Rollers-constructionway.blogspot.com
Compaction soil by Rollers
Compaction of soil at Site is Checked against the MDD value obtained from Standerd Proctor Compaction Test in the testing laboratory.
MDD - Maximum Dry Density
OMC - Optimum Moisture Content

How To Do A Compaction Test or In-Situ Density Test on your Work Site.

Today I'm going to talk about How to do a Compaction Test or In-Situ Density test at work site. Do you know how to do compaction test?” and “Do you know how to compute compaction test results? Don't worry about that, You will learn today how to do that.


A quality engineer or a civil engineer should know how the results derived. Today I will first want to show you the procedure how to conduct compaction or field density test on your work site. By the way, the consultant representative or the quality engineer shall select the area to be tested and shall mark on the drawing or compacting area.
There are many ways to determine the compaction of soil but here I used Sand Replacement Method, which we are using on our site. And before blinding works, you have to make sure that the inspection request is submitted to the consultant and compaction test report is passed.
But firstly, here are need the apparatus and equipment for the In-situ density test.

Pointed steel rod
⤴ Pouring cylinder
⤴ Large screw driver
⤴ Meter or steel tape
⤴ Sand or silica container
⤴ Glass plate
⤴ Hammer
⤴ Bent spoon dibber
⤴ Gloves
⤴ Metal trays, 500mm square, 50mm depth with 200mm dia and hole with in the center.
⤴ Sample container (plastic bag or plastic container)

Apparatus for In-Situ Density Test.

Here are the procedure on how to do the Compaction test or In-Situ Density test.

1. Place the metal tray. The technician can now place the metal tray as per Consultant or Quality Engineer preferred location. As a Quality Engineer, you should make sure that the area to be tested is compacted and within the area submitted in the Inspection Request (fill RFI document).

2. Marking the sample container. As QC Engineer, you should see to it that the sample container is marked by a technician of its location and other related markings, just make sure all the marks are correct.

3. Digging the soil. A helper will start to dig the soil by a using pointed steel rod (250mm long 16 – 20 mm dia.) and a hammer. The head of the rod shall be stricken at slow speed and at conditional pressure. Use gloves for hand protection to prevent hand injury.

Digging the soil of Sand Cone Test-constructionway.blogspot.com
Digging the soil of Sand Cone Test

4. Putting the loose soil in the sample container. The dug loose soil shall be placed in the sample container, make sure there are no any pieces of soil shall be wasted otherwise, it will affect the results of compaction.

5. Measuring the depth of hole.While the digging progresses, monitor the depth of hole by measuring a ruler, make sure that the depth is 200 mm or 150 mm depending on the requirement of the specification. If the depth is not yet achieved continue digging until it reach the desired or required depth.

Sand Cone Test-constructionway.blogspot.com
Sand Cone Test

6. Pouring silica in the hole. Once the hole is properly shaped to the diameter of 200 mm just the same diameter that of the hole of the metal tray and the depth has reached. Place the pouring cylinder onto the metal tray. Pour the silica inside the pouring cylinder make sure no one will hold or touch the pouring cylinder that may cause vibration.

7. Taking the silica from the hole. The hole, once filled with silica and when the hole has fully filled, remove the silica and place it to extra container it may use again for the next set of compaction.


Here are now the formulas to compute the compaction test or In-situ density test.
Det. the bulk density of Sand.

Where,

Formula for Bulk Density of Sand

ρs - Bulk density of sand (Mg/m³)
Ms - Mass of sand to fill the container (in gm.)
V - Vol. of container (in mL)
M1 - Mass of sand before pouring in the container (in mg.)
M2 - Mass of sand in cone (in gm.)
M3 - Mass of sand after pouring the container (in gm.)
Det. - the bulk density of soil.

where,

Formula for Bulk Density of Soil

ρso - Bulk density of soil (Mg/m³)
Me - Mass of soil excavated (in gm.)
Mf - Mass of sand required to fill the hole (in gm.)
M1 - Mass of sand before pouring into the hole (in gm.)
M2 - Mass of sand in cone (in gm.)
M4 - Mass of sand after pouring into the hole (in gm.)
*Det. - the dry density.

*Det. the degree of compaction.

Hoping that the above have helped the Quality Engineers or civil Engineers to better understand how the compaction test or In-situ density test using the sand replacement method is done. Next Lesson part is coming soon.

If you like this article then please subscribe above to get our latest post in your inbox. And please visit our Facebook page, Google plus page and Twitter.

Friday, December 22, 2017

Damp Proof Course and Damp Proof Members - Sinhala

Damp Proof Course and Damp Proof Members - Sinhala

DPC & DPM - Sinhala

Damp Proof Course (තෙත් නිවාරණ වැටිය)


අත්තිවාරමක අවසන් ඉදිකිරීම් අයිතමය DPC වේ. සාමාන්‍යයෙන් කොන්ත්‍රාත් පදනම යටතේ සිදුකෙරෙන නිවාස ඉදිකිරීමකදී මෙම තෙත් නිවාරණ වැටියෙහි වැඩ අවසන් වූ වහාම අත්තිවාරමට අදාල ගනුදෙණු පියවාගැනීම සිදුවේ. එහෙත් මෙම තෙත් නිවාරණ වැටියෙහි වැදගත්කම පිළිබද බොහෝ පෙදරේරුවන්ද දැනුවත් නැහැ. එබැවින් නිවසක් තැනීමට සිහින දකින ඔබ මෙය දැනුවත් වී සිටීම වටී. බොහෝ නිවාස තෙත් නිවාරණ වැටියක් නොමැතිව ඉදිවන අතර එහි ආයු කාලය ගැනද සතුටු විය නොහැක.
තෙත් නිවාරණ වැටියක් නොමැතිව ඉදිවන නිවසක,




* බිත්ති වල පොතු ගැලවී යාම.
* ජනෙල් උඵ වහු සවුත්තු වීම.
* කොපමණ තීන්ත ගෑවත් ප්‍රථිපල නොමැති වීම.
* වේයන් වැනි කෘමි සතුන් පැතිර යාම... යනාදිය දැක ගත හැක.

වැසි කාළයේදී පොළොව තුළ තිබෙන water table එක වැඩි වී ජලය වැඩි තැනින් අඩු තැනට ගලා යයි. එබැවින් ඔබ පහත් බිමක ඉඩම් කොටසක නිවසක් ඉදිකිරීමට යන්නේ නම් අත්තිවාරම පොළොව මට්ටමෙන් ඉහලට අඩි 1 1/2 - 2 ගෙන ඒම නුවැණැති වැඩකි.
අත්තිවාරම ඔබ කෙසේ ඉදිකළත්, කළු ගල් අත්තිවාරමක් වුවත් අත්තිවාරම මතුපිට ලෙවල් නැතිවීමට පුළුවන, එබැවින් (1:3) බදාම ස්ථරයක් මගින් මතුපිට ලෙවල් කරගැනීමෙන් අනතුරුව DPC යොදා ගනී. 

දැන් ඉන්න මේසන් බාස්ලා ගොඩක් පණ්ඩිතයි තෙත් නිවාරණ වැටිය ගැන දන්නෙවත් නැතුව ඇති මයේ හිතේ. "තාර දාල හරියන් නෑ අත්තිවාරමයි බිත්තියයි ජොයින්ට් වෙන් නෑ" කියල බාසුන්නැහේ ටොක් කරොත් කියන්න අත්තිවාරම තියෙන්නේ ලෝඩ් එක(බර) දාරාගෙන පොළොවට යවන්න විතරයි, අත්තිවාරමයි බිත්තියයි ජොයින්ට් වෙන්න අවශ්‍ය නෑ කියල. හේතුව නම් මම දන් නෑ දැන්, gov. tender වලිනුත් මේ DPC කියන වැඩ අයිතමය නැති වි ගොස් ඇත.

නමෙහි අර්ථයෙන්ම තෙත් නිවාරණ වැටිය (Damp Proof Course) යනු තෙතමණය සදහා වන බාධකයකි. වෙනත් විදිහකට කියනවානම් පොලවෙහි ඇති තෙතමණය, අත්තිවාරම ඔස්සේ ගොඩනැගිල්ලේ ඉහල කොටස් කරා සම්ප්‍රේෂණය වීම වැලැක්වීම සදහා අත්තිවාරම මතුපිටදී තිරස් බාධකයක් ‍ලෙස ක්‍රියාකිරීම මෙහි ප්‍රධානම කාර්යයි. ගොඩනැගිල්ලේ ඉහල කොටස් තෙතමනයට ලක්වීම මත බිත්තිමත පැල්ලම් ඇතිවීමට අමතරව කෘමි හා ක්‍ෂුද්‍රජීවී ක්‍රියාකාරිත්වයන් ඉහලයාම මගින් ගොඩනැගිල්ලක බොහෝ කොටස් හානියට පත්වීම සිදුවිය හැකියි. තවද ඔබේ නිවසේ විදුලි වයර් ඇදීමට ගත් කොන්ඩියුට් බට තුල කූඹීන් හෝ වේයන් වර්ධනය වීමටද හැක. ඔවුන්ගේ ක්‍රියා මත ඇතැම්විට විදුලි වයර පවා කාලයත් සමග හානියට පත් වේ. නිවස ගොඩනඟා අවුරුදු 4 ක් 5ක් ගතවූ විටකදී එවැන්නක් සිදුවූවිට විඳින්න වෙන අපහසුතා ගැන අමුතුවෙන් කියන්න ඕන නැත.

ඒනිසා ඔබේ නිවස ගොඩනඟන්නේ වර්ෂාව හෝ පසෙහි තෙත් බව වැඩි පරිසරයක නම්, එහෙමත් නැතිනම් වියලි වුනත් ශීතල පළාතකනම්, නිවැරදි තාක්ෂණය අනුගමනය කල තෙත් නිවාරණ වැටියක් යොදාගැනීම පරම්පරා ගානකට සෙවන සපයන නිවසක් ගොඩනැගීමට ඉවහල් වේවි.

අපේ රටේ බහුලව යොදාගන්නා තෙත් නිවාරණ වැටි වර්ග දෙකක් තියෙනවා. ඉන් පලමුවැන්න කවුරුත් දන්න සිමෙන්ති වැලි තෙත් නිවාරණ වැටියයි. එත් මෙය තාක්ෂණයෙන් සම්පූර්ණ වීම සදහා මෙම කපරාරුව 1:3 අනුපාතයක් සහිතව 3/4“ ඝණකමට යෙදීමත්, කපරාරුව හොදින් පදම්වූ පසුව එයමත දෙවරක් උණුතාර (නැතහොත් බිටුමන් ඉමල්ෂන්) ආලේපකර, සිනිදුවැලි ඉස නිමකරගැනීමත් වැදගත් වෙනවා. මෙහිදී කපරාරුව පදම්වීම සදහා දින 7ක් තැබීම වඩා යෝග්‍ය වන අතර පළමු දින 3 එය ජලයෙන් තෙත් කිරීමද වැදගත්. බිටුමන් ඉමල්ෂන් යනු කාමර උෂ්නත්වයේදී ද්‍රව තත්වයෙන් භාවිතාකල හැකි සහ ජලයේ දියවන තත්වයට වැඩිදියුණු කරන ලද තාර වර්ගයකි. වෙලදපලෙන් “ඩීපීසී තාර“ යන පොදු නාමයෙන් මේවා ලබාගත හැක. මෙම නිෂ්පාදනයේ ඝනකම වැඩි නම් ඔබට භුමිතෙල් වැනි යමකින් එය මග හරවා ගත හැක. පසුව සියුම් වැලි ඉසීම මගින්, මෙම තාර ස්ථරය හිරුරශ්මියට උණුවී ගලායාම වලකාදමනු ඇත. මෙම සම්පූර්ණ ස්ථරය 15mm පමණ වේ.

අපේ රටේ භාවිතා කරන අනෙක් තෙත් නිවාරණ වැටි වර්ගය කොන්ක්‍රිට් තෙත් නිවාරණ වැටියයි. සත්‍ය වශයෙන්ම අපේ රටේ මෙය භාවිතා කරන්නේ කළුගල් අත්තිවාරමට අමතර ශක්තියක් ලබාදෙන බිම්තලාඳයක් වශයෙන් වුවත් මෙය හරහා වුවත් ජලය ඉහලට යා හැක. එනම් මෙයද සාර්ථක තෙත් නිවාරණ වැටියක් නොවේ. මෙයට අමතරව ලොව පුරා භාවිතාකරන තෙත් නිවාරණ වැටිවර්ග තවත් 
තිබුණත් ඒවා අපේ රටේ ජනප්‍රිය නැහැ.
DPC on brick Plinth-constructionway.blogspot.com
DPC තාර ආලේප කරන ලද බැම්මක්

Damp Proof Members - Sinhala

Damp Proof Members (තෙත් නිවාරණ පටලය)

DPC මෙන් තවත් වැඩ අයිතමයක් වන මෙය පොළොව Concrete කිරීමේදී්‍ පස් තට්ටුවත්, Concrete තට්ටුවත් අතර මෙය යොදනු ලැබේ. තවද කළු ගල් අත්තිවාරම කාණුවේ පතුලට පොළොව තැලීමෙන් පසු DPM යොදාගන්නා අතර විවිධ වූ අත්තිවාරම් වර්ග වලදී පොළොව සමග ඇති සම්බන්ධය අවහිර කිරීම සදහා යොදා ගනී. මෙහිදී සිදුවන්නේ තෙත් නිවාරණය තුළ පොළොව මත පොලිතීන් තට්ටුවක් එළීමය. මෙය ඝනකම 1000 Gauge ප්‍රමාණය වන අතර එළීමේදි පොලිතීන් දෙකක් අතර අති වැස්ම(lap length) 150mm විය යුතුය.
Damp-Proofing-Members-constructionway.blogspot.com
Damp-Proofing-Members
මේ කිියන්න යන්නේ අමතර කරුණු ඔයාල දැනගෙන ඉන්න එක හොදයි කියල හිතුන, ඒත් මේව නිවාස තැනීමේදී වැඩිපුර භාවිතා නොවේ. එහෙත් ඔබ මේවා තමන්ගේ නිවසටත් යොදා ගන්නේ නම් අවුරුදු 50 කට බිය විය යුතු නැත. තීරණය ඔබ සතුය.
ඉහත කී Concrete තට්ටුව 50mm හෝ 75mm උසකින් යුතු Concrete තට්ටුවකි. නියමිත පරිදි පස් හෝ මැටි වලින් පුරවා ගැනීමෙන් අනතුරුව මැටි තට්ටුව තැලීමෙන් පසුව හැකියාවක් ඇති නම් Anti Termite(වේයන් මර්ධනයට) නම් Chemical යොදා ගැනීම සිදු වේ. ඉන්පසුව පොලිතීන් එළා ගැනීමෙන් අනතුරුව අවශ්‍ය නම් 300mm x 300mm කම්බි (10mm dia) දැලක් යොදා ගැනීම සවි ශක්තිය වැඩි කරන්නකි. ඉන් පසුව ඉහත කී අකාරයට Grade 30, Concrete ස්ථරය එක් කර ගනී. එම වැඩ අයිතමය Concrete bed නමින් හදුන්වයි.
dpc-constructionway.blogspot.com
මේ තවත් එක් DPM ක්‍රමයක්.

Skerting (පතුල් පටිය)

බිත්ති වලට වතුර උරා ගැනීම වැළැක්වීම සදහා පතුල් පටිය නිර්මාණය කරනු ලැබේ. මෙය නිර්මාණය කිරීමට බදාම, ටයිල් හෝ දැව භාවිතා කරයි. මෙහි සාමාන්‍ය උස 100mm පමණ වේ.
skirting in house--constructionway.blogspot.com
skirting in house

Plinth plaster (කයිරු කපරාරුව)

පිටත කයිරුවේ නිර්මාණය වූ කොටස කපරාරු කිරීම කයිරු කපරාරුව නම් වේ. මෙය කයිරුවට(කළු ගල් බැමිමට) වතුර කාන්දු වීම හා සතුන්ගෙන් වන හානි වැළැක්වීමට භාවිතා කෙරේ.
plinth plaster-constructionway.blogspot.com
plinth plaster
අහන්න දෙයක් ඒහෙම තියෙනම් Comment කරන්න. ඔයාගේ Comment ඒක මට හයියක් වේවි. ඔයාලගේ යාළුවන්වත් මේ අඩවිය ගැන දැනුවත් කරන්න මෙම ලිපිය share කරල.


read more article :-

බැංකු අයිරා පහසුකම්, භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර

Quantity Surveyor - ප්‍රමාණ සමික්ෂකවරයා

Tender Procedure-Sinhala 01

Tender Procedure-Sinhala 02

Costing for Plastering Cement Motar

Type of Contracts - කොන්ත්‍රාත් වර්ග

Sunday, December 17, 2017

නිවාස ඉදිකිරීම හා බැඳුණ නගරසභා නීති

නිවාස ඉදිකිරීම හා බැඳුණ නගරසභා නීති - නිවසක් තැනීමේදී වැදගත් තාක්ෂණික කරුණු

ගොඩනැගිලි ඉදිකිරීම පිළිබඳ නගරසභා නීති මගින් අදාල පලාත් පාලන බල ප්‍රදේශ තුල ඉදිකරන සියළු ස්ථිර ගොඩනැගිලි යම් ප්‍රමිතිගත කිරීමක් සිදුවේ. ඒ වගේම එම ගොඩනැගිලි වල නිවැසියන්ගේ සේම ඒවායේ අසල්වාසීන්ගේද සෞඛ්‍ය තත්වය ආරක්ෂා කරදීමත් පරිසරය සුරැකීමත්, ආරවුල් ඇතිවීම අවමකිරීමත්, අනාගත වැඩිදියුණුකිරීම් සදහා ඉඩප්‍රස්තාව ඇතිකිරීමත් ආදී බොහෝ යහපත් පරමාර්ථ මේවා තුල දකින්න පුළුවන්. ලාංකික පුරවැසියන් විදිහට මෙම ඉදිකිරීම් නීති ගැන පරිපූර්ණ දැනුමක් කොහොමවුනත් යම් වැටහීමක් හෝ ලබා සිටීම ප්‍රයෝජනවත් වේ.



මේ නීති ගැන ඔබට ඔබේ සිහින නිවස සැලසුම් කරදෙන නිර්මාණශිල්පීයා ‍සැලකිලිමත් නොවුනහොත් සැලැසුම අනුමත කරගැනීමට යාමේදී විවිධ වූ ගැටළු වලට මුහුණදෙන්නට නිසැකවම ඔබට සිදුවේවි. මම මේ කියන්නේ මොකද්ද කියලා, කවදාහරි දවසක පලාත්පාලන ආයතනයකින් නිවාස සැලැසුමක් අනුමතකරගත්ත ඕනම කෙනෙකුට වැටහෙනවා ඇති.


තවත් සමහරු මෙයට වඩා තවත් පියවරක් ඔබ්බට තබමින්, (තම සැලැසුම අනුමත කරගැනීමට ඇති පහසුව නිසාම) මෙම අනුමත කිරීමේ දාමයට සම්බන්ධ නිලධාරීන් ලවාම‍‍ තම නිවාස සැලසුම සකසාගැනීමට කටයුතු කරන අවස්ථාද දකින්න පුළුවන්. 

නිවාස ඉදිකිරීම හා බැඳුණ නගරසභා නීති


1. නේවාසික ගොඩනැගිල්ලක් එය ඉදිකරනු ලබන බිමෙන් 2/3 කට වඩා වැඩි බිම්ප්‍රමාණයක් වසානොගත යුතුය. (කර්මාන්ත සහ වානිජ ගොඩනැගිලි සදහා මෙම අනුපාතය 4/5 කි.)
ඒකෙන් කියැවෙන්නේ ගොඩනැගිල්ලේ යට තට්ටුවේ(බිම් මහලේ) ප්‍රමාණය, එය ඉදිකරනු ලබන ඉඩමෙහි වර්ගඵලයෙන් 2/3 කට වඩා අඩුවියයුතු බවයි.

2. නේවාසික ගොඩනැගිලි ඒකක එකක් වර්ගඅඩි 3000 නොඉක්මවිය යුතුය.

ඔබේ ගොඩනැගිල්ලේ මුළු ගෙබිම් ප්‍රමාණය (සියළු මහල් වල එකතුව වර්ගඅඩි 3000ට වඩා අඩුවිය යුතුය. නැතහොත් නිවාස (ඒකක) දෙකක් ලෙසින් අනුමැතිය සදහා ඉදිරිපත් කල යුතුය. ඒ ඒ සියළු ඒකකයන් එකිනෙකින් ස්වායක්තව නිවසක මූලික අවශ්‍යතා සපිරිය යුතු අතර වරිපනම් අංකද දෙකක් ලැබෙනු ඇත.

3. මුළුතැන්ගෙවල් / ගබඩාකාමර / නාන කාමර / ගරාජ / විවෘත ආලින්ද / බරාඳයන් හැරුණකොට අනෙකුත් සියළු කාමර වල ක්‍ෂේත්‍රඵලය වර්ග අඩි 90 කට නොඅඩු විය යුතුය.

මුළුතැන්ගෙය සදහා අවම ක්‍ෂේත්‍රඵලය වර්ග අඩි 60 කි. නාන කාමරයක පැවතිය හැකි අවම පලල අඩි 23/4 ක් (මීටර 0.9) ලෙසද සැලකේ.

4. නේවාසික ‍ඒකකයක අවම වශයෙන් වර්ග අඩි 120 කට නොඅඩු එක් නිදනකාමරයක් හෝ තිබිය යුතුය.

5. කාමරයක අවම පලල අඩි 8කට නොඅඩු විය යුතුය.

6. පොළව මට්ටමේ සිට වහල මට්ටමට සාමාන්‍ය උස අඩි 9 ක් වියයුතු අතර අඩි 7 වඩා අඩු නොවිය යුතුය.

7. මනුෂ්‍ය වාසයට තැනූ ඕනෑම කාමරයක ගෙබිම් ක්‍ෂේත්‍රඵලයෙන් 1/7 ප්‍රමාණයකට නොඅඩු වර්ගඵලයක් සහිතව විවෘත ආලින්දයකට හෝ පිටතට (සම්මත ආලෝක තලයකට) විවෘතකලහැකි ජනෙල් පැවතිය යුතුය.

ඒ වගේම බාහිර පරිසරයට විවෘතවන දොරවල් පවතීනම්, දොර ජනෙල් දෙකෙහිම සමස්ථ වර්ගඵලය ගෙබිම් ක්‍ෂේත්‍රඵලයෙන් 1/7 කට වැඩිවන ලෙස පවත්වාගනිමින් ජනෙල්වල වර්ගඵලය ගෙබිම් ක්‍ෂේත්‍රඵලයෙන් 1/15 දක්වා අඩුකලහැකිය. ආලින්දයක සම්පූර්ණ දිගට අඩි 3 කට වඩා උසින්යුතු කෙටි බැම්මක්/ අත්වැටක් ඇතිවිටකදී එය විවෘත ආලින්දයක් ලෙස සැලකෙන්නේ නැත.

වැසිකිලි සහ ගරාජ සදහා මෙම අගය 1/10කි.

8. ආලෝකය ලබාගැනීමට යොදාගනු ලබන පිටතට විවෘතකලහැකි ජනේලයක හෝ දොරක ඉදිරිපස සිට අඩි 71/2 දක්වා කිසිදු බාධකයක් නොවිය යුතුය.(සම්මත ආලෝක තලය)

නිවසකට ආලෝකය/වාතාශ්‍රය සැපයීම පිණිස තැබෙන ජනෙල් හෝ දොරවල් ආසන්න වැට මායිමේ හෝ ගොඩනැගිල්ලේ සිට අඩි 71/2 ක අවම දුරකින් පිහිටිය යුතු වෙනවා. එයට වඩා අඩු දුරකින් පිහිටුවන කිසිවක් නිවසට ආලෝකය සහ වාතාශ්‍රය ලබාදෙන්නක් ලෙසින් සැලකෙන්නේ නැහැ

9. ගොඩනැගිල්ලේ පසුපසින් ඉඩමේ මායිම දක්වා අඩි 10ක ඉඩක් වෙන්කල යුතුවේ.

මෙම ඉඩ ගිණිනිවීමේ කාර්ය සදහා වෙන්කර ඇති අතර දර මඩු වැනි තාවකාලික ඉදිකිරීමකට හැර වෙනත් කිසිදු ස්ථිර ගොඩනැගිල්ලක් මෙහි ඉදිකල නොහැකිය. කෙසේවුවද 1986 මාර්තු 10 දිනැති අංක 392/9 දරණ රෙගුලාසි ගැසට් නිවේදනයේ 26 වෙනි වගන්තිය‍ට අනුව මෙම අඩි 10 (මීටර 3)ක විවෘත ඉඩකඩ, යෝජිත ගොඩනැගිල්ල බිම්මහල සහ තවත් එක් මහලකට පමණක් සීමාවන විටකදී මීටර් 2.25 දක්වා අඩුකල හැකිවේ.

10. ලිඳ සහ වැසිකිලි වලක් අතර පැවතියහැකි අවම දුර අඩි 50කි.
මෙය ඔබගේ ගෙවත්ත තුල සේම ඔබගේ ලිඳ/වැසිකිලිය සිට අසල්වැසියාගේ ලිඳ/වැසිකිලිය අතර දුරටත් එකසේ අදාල වේ.

11. වර්ග අඩි 2000 කට වැඩි ගොඩනැගිලි සඳහා සෑම වර්ග අඩි 2000 කටම අවම වශයෙන් 8’x16’ ප්‍රමාණයේ ඉඩක් වාහන ගාල්කිරීමේ පහසුකම් ලෙසින් සැපයිය යුතුය.

නිවාස හා නගර සංවර්ධන ආඥාපනතට අනුකූලව පනවා ඇති මෙම නීතීන්, ක්‍රියාත්මක කිරීමේදී ඇතැම් පලාත් පාලන ආයතන වල සුළු සුළු වෙනස්කම් දකින්න තිබුනත් මූලික හරය වෙනස්වෙලා නැහැ. ඉතිං ගෙයක් හදාගන්න හිතාගෙන ඔබේ පලාත්පාලන ආයතනයේ අනුමැතිය ඒකට ලබාගැනීම උදෙසා ඔබ අයදුම්පතක් ඉදිරිපත් කලවිට, අදාල පලාත්පාලන ආයතනයට අනුයුක්ත කාර්මික නිලධාරි වරයා හෝ මහජන සෞඛ්‍ය පරීක්ෂක වරයා විසින් ඉහතදී සදහන් කරපු කරුණු කාරණා පරීක්ෂාකරනු ලබනවා. මෙයට අමතරව ඔබේ ලිඳ සහ වැසිකිලි වලෙහි පිහිටීම, වැසිජලය සහ විශේෂයෙන් අපවිත්‍ර ජලය බැහැරකිරීමේ ක්‍රමවේදය සහ අසල්වැසියන්ට ඒවායින් වන බලපෑමත් ඔහුගේ සැලකිල්ලට බදුන්වෙනවා.
මම මුලින්ම කිව්වා වාගේම මේ නීතිරීති නිසියාකාරව ක්‍රියාත්මක වේ නම් ඔබේ මෙන්ම ඔබගේ අසල්වාසීන්ගේද සෞඛ්‍ය තත්වය ආරක්ෂා කරදීමට එය මනා පිටුවහලක්. ඒ නිසාම මේ නීති වලින් රිංගා යාමට උත්සහ කරනවා‍ට වඩා, ඒවා අනුගමනය කරමින් වාසයකිරීමට වඩා යෝග්‍ය පරිසරයක් පවතවාගෙන යාමට මේ පුංචි ආණ්ඩු වලට සහාය දැක්වීම යහපත් පුරවැසියන් විදිහ‍ට ඔබේ යුතුකම බව මතක් කරන්න කැමතියි.

ඒ වගේම ඔබේ ගෙවත්තේ වැසිකිලි හා 
වැසිකිලි වළවල් සෑදීමේදී ඔබ දැනගත යුතු කරුණු ගොඩක් අැත. නමුත් මම මෑතකදී සොයා ගත් e-Book ඒකක් හේතුවෙන් අද ඒ ගැන කිසිවක් කියන්න උත්සාහ කරන්නේ නැත. මම ඔබට ඒම e-Book ඒක භාගත කර ගැනීමට ලින්කුව පහලින් දෙන්නම්.

නැවතත් මෙවැනිම වැදගත් ලිපියකින් හමුවෙමු, මතක අැතිව comment 1ක් ඒහෙම දාගෙන යන්න.
read more article:-


> බැංකු අයිරා පහසුකම්, භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර

> Quantity Surveyor - ප්‍රමාණ සමික්ෂකවරයා

> Tender Procedure-Sinhala 01

> Tender Procedure-Sinhala 02

> Costing for Plastering Cement Motar

> Type of Contracts - කොන්ත්‍රාත් වර්ග

Saturday, December 16, 2017

Procedure of Dumpy Level Surveying

Procedure of Dumpy Level Surveying

The procedure of dumpy level surveying starts with some temporary adjustments which are,

Setting up of instrument
Leveling up
Focusing




Setting up of Dumpy Level

The instrument is fixed to the tripod stand using clamp screws. Spread the tripod legs and position the instrument at convenient height. Firstly fix the two legs in the ground at a point and centering of bubble in the bubble tubes is done by adjusting third leg.

Leveling up

The leveling up of an instrument is done using foot screws or leveling screws. In this case, the telescope is arranged parallel to the any two leveling screws and the bubble in the tube is centered by turning both the screws either inwards or outwards.

When it is centered, then the telescope is turned 90o and the third screw is turned until the bubble come to center. Repeat the process until the bubble in the tube always stays at the middle in any position of telescope.

Focusing

Focusing is done by adjusting eye piece and focusing screw. Eye piece is adjusted until the cross hairs of diaphragm are clearly visible. To eliminate the parallax error, a white paper is used to obtain sharp vision of cross hairs.

Focusing screw is adjusted to view the clear image of the objective or staff. Focusing is said to be done when the cross hairs bisect the objective or staff with clear vision.

After completion the above temporary adjustments, now it’s time to take levels of required positions or points. The telescope is rotated towards the line of objective or staff and bisect it. The levels are noted at different points which values are decided from a known bench mark point in that area. The details are tabulated as below table 1.1.


Dumpy Level Surveying - Procedure
table 1.1

Operation of Summary in Dumpy Level

The level instrument is set up on a tripod and, depending on the type, either roughly or accurately set to a leveled condition using footscrews (levelling screws). The operator looks through the eyepiece of the telescope while an assistant holds a tape measure or graduated staff vertical at the point under measurement. The instrument and staff are used to gather and/or transfer elevations (levels) during site surveys or building construction. Measurement generally starts from a benchmark with known height determined by a previous survey, or an arbitrary point with an assumed height.

Benefits of Dumpy Level Surveying

 Dumpy level is easy to use.
➮ Adjustments can be made as per the requirement on any type of ground.
➮ Level readings are very accurate in case of dumpy level.
➮ Optical power is high for dumpy level.
➮ Price of dumpy level is cheap when compared to other surveying instruments.
➮ Drawbacks of Dumpy Level Surveying
➮ It is limited to only horizontal angle measurement.
➮ The angles obtained by dumpy are not that accurate.

if you like this article then please comment us...

What is Dumpy Level?

What is Dumpy Level?

dumpy levelbuilder's auto levelleveling instrument, or automatic level is an optical instrument used to establish or verify points in the same horizontal plane. It is used in surveying and building with a vertical staff to measure height differences and to transfer, measure and set heights.



Dumpy level is commonly used leveling instrument to locate the points in same horizontal plane. It is also called as automatic level or builder’s level. Elevations of different points and distance between the points of same elevation can be determined by dumpy level.
The telescope is fixed to its supports in dumpy level and hence it cannot be rotated in vertical axis. It is first invented by 'William Gravatt' in 1832 year.


Dumpy Level Surveying-constructionway.blogspot.com
Dumpy Level Surveying

Components of Dumpy Level

 Dumpy level consists the following parts or components
 Telescope
 Bubble tubes
 Compass
 Vertical spindle
 Tribrach screws
 Foot screws
 Leveling head
 Tripod

Components of a Dumpy Level Machine
Components of a Dumpy Level Machine

Telescope

Telescope is used to observe the distant object through line of sight provided by its arrangement. In general, the telescope is fixed to the vertical spindle of dumpy level so that it can be rotated along with vertical spindle.

Diaphragm in Dumpy Level
Diaphragm in Dumpy Level

Parts of Telescope in Dumpy Level,

The important parts of telescope are as follows...

 Eye piece
 Objective lens

 Diaphragm
 Focusing screw
 Ray shade

Eye piece

Eye piece is used by the observer’s eye to view the distant object. It contains magnifying glass which magnify the observing image and also the cross hairs of diaphragm. So, accurate reading can be obtained. Erecting eyepiece is used to view the normal image which is generally inverted by objective lens.

Objective lens

Objective lens are provided at the other end of the telescope. The objective lens consists of two parts, the front part consists convex type lens and the back part consists concave lens. So, the image obtained from the objective lens is always inverted.

Diaphragm

Diaphragm is provided in front of the eye piece. It contains cross hairs made of dark metal which are arranged in perfect perpendicular positions. These cross hairs are used by the eye piece to bisect the objective through objective lens.

Focusing screw

Focusing screw is used to adjust the focus if cross hairs and the image clarity. The magnification of eye piece is managed by this focusing screw.

Ray shade

Ray shade is used to prevent the objective lens from sunlight or any other light rays which may cause disturbance to the line of sight.

Other Parts of Dumpy Level...

Bubble tubes

Bubble tubes are provided to check the level of the instrument. Two bubble tubes are provided in a dumpy level which are arranged perpendicular to each other on the top of the telescope. One tube is called as longitudinal bubble tube and another is called as cross bubble tube. The instrument is said to be in perfect position when both the bubbles of the tubes are at center or middle of the tube.

Compass

Compass is used to determine the magnetic bearing of line. In case of dumpy level, circular compass is provided just under the telescope. The compass contains a pointer in it and readings are marked inside it. The pointer is set to zero when it faces the north line from which the magnetic bearings are measured.

Vertical spindle

Vertical spindle is located at the center of the whole instrument. The telescope can be rotated in horizontal direction with respect to vertical spindle. The instrument is connected to the tripod stand using vertical spindle.

Tribrach

Tribrach plate is parallel to the leveling head or trivet. It is connected to trivet by leveling screws or foot screws which can adjust the tribrach plate. The horizontal level of the instrument can be achieved by adjusting this tribrach plate.

Foot screws

Foot screws are provided to regulate the tribrach position and hence the instrument can be leveled which is known by observing the bubble tube. The tribrach plates can be lowered or raised using foot screws. The position of tribrach is said to be correct when the bubble in bubble tube is at center.

Leveling head

Leveling head is also called as trivet. It contains two triangular shaped plates which are arranged parallel to each other. Three groves are provided at the three corners of the plates in which foot screws are supported.

Tripod

Tripod is used to support the whole leveling instrument on its top. It consists three legs which can be adjustable to required position. The legs are of same height and they may be solid or hollow. Steel shoes are provided at the bottom of each leg to hold the ground in a fixed position.
tripod in dumpy level-constructionway.blogspot.com
tripod in dumpy level

if you like this article then please comment us...

Wednesday, November 29, 2017

What are kickers and Why?... we used kickers.

What are kickers and Why?... we used kickers.

In the construction terminology that i Use, a kicker is a 50-150mm step that is provided at the Column/ Shear wall Base during the casting of the slab/ foundation. It is provided to ensure that the coordinates of the column/ wall are maintained uniformly between the slab and essentially throughout the structure.
kicker setting out for column-constructionway.blogspot.com
kicker setting out for column


somewhat like this...

Following the slab/ foundation casting, the shuttering for the column can be fixed directly on the kicker to ensure column location and base alignment is accurate.

Its purpose is to avoid uneven steel cover and Column/wall alignment issues which are almost impossible to rectify once concrete is casted and can be easily identified/ rectified by providing a kicker.

The wrong practice associated with the provision of kicker is that some contractors provide a kicker after casting the slab, which adds an additional unwanted construction joint in columns near the base where the shear is maximum and hence is unadvised. I would recommend that if you are providing a kicker it has to be provided during the slab itself as below.

The only disadvantages associated is that the initial preparation and casting time of the slab with the kicker is prolonged slightly, however i believe the advantages of providing a kicker outweighs this problem.
------------------------------------------------------------------------------------------------------------------------------------


What are kickers?:

A kicker is a small concrete plinth 50-150mm (2"-6") in height placed around a column base in order for you to quickly start your next stage column pour - it sets out the alignment pre-pour rather than post-pour (because if you need to move things, you can do it there and then). It is usually cast with the floor, pad or raft foundation. Construction can be fiddly/slows concreting for the first stage foundation slightly, but lost time is usually made up in time at the column/wall erection stage (if you have crews that know what they are doing).
kicker formwork for column-constructionway.blogspot.com
kicker formwork for column
kicker concreteing for column-constructionway.blogspot.com
kicker concreteing for column
Having a kicker you can physically see what's not right both in terms of cover and by looking along the kicker bases gives a quick visual indication of what needs to be moved. Obviously your surveyor would set-up a local grid to set these things out. It is easier to look along a straight edge of columns than it is a long string line with wavy 32mm reinforcement starter bars (which are usually placed where they can due to base steel configuration).

The reason why we have column and wall kickers are as follows:


From Checking Engineers Perspective

For Having a Kicker - Pro's:

1. You can see any column or wall alignment issues immediately, fix any grid problems straight away (Once the concrete is cast and steel alignment problems exist, you don't have to cut the steel, just move it before you pour).

2. Makes the next stage construction (columns and walls) much faster as you only have to butt up your formwork against the kicker (alignment is already done).

3. Gives additional level(concrete elevation) guides as well as screed rails therefore providing better elevation control.

4. Reduces the amount of joints in the concrete. (you only have one joint where a second stage kicker would give you two. - NOT GOOD!)

For Having a Kicker - Cons:

1. Slower (INITIAL) stage pouring, but less risky. Slightly more fiddly initial construction for carpenters - this is however made up for at the next stage of construction.

2. Has to be done right - a finishing team must know what they are doing, if they mess up, concrete re-work will slow progress down. (use experienced concrete finishers - which you would do anyway).



From the contractors Perspective

For not having a kicker - Pros:

1. Faster (INITIAL)construction, but risky. (however, many contractors cast a kicker at the second stage but this increases the number of joints in the concrete WHICH IS NOT GOOD). You will lose this time easily with all the re-work.

For not having a Kicker - Cons:

1. Any mistakes in the steel reinforcement could prove costly, whole gridlines in the wrong location may involve structural engineering to fix.

2. Cover issues may need re-work.

3. Increases the amount of joints in the concrete.

4. Once the concrete is poured and has set, mistakes require costly rework and potential structural engineering.

It is always best to have a kicker, you can see any alignment or cover issues straight away and fix them. Any time lost through making kickers is always made up at the next stage. You simply butt up your formwork against the kicker and plumb down for verticality. (don't forget your top column alignment.)

Not having a kicker is risky, best to take your time and get it right. Don't use inexperienced crews for concrete finishing, this is an added risk (and re-work) factor you don't need.

if you like this article then please comment us...

Friday, November 24, 2017

Concrete ගැන ඔබ දැන ගත යුතු දෑ....

Concrete ගැන ඔබ දැන ගත යුතු දෑ....

ක‍ොන්ක්‍රීට් භාවිතය

කල්පැවැත්ම ශක්තිය දරා ගැනීමේ හැකියාව මෙන්ම ඕනෑම හැඩයකට පහසුවෙන් ඉදිකළ හැකි වීම.වැනි ගුණාංග රාශියක් නිසා වර්තමාන ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ක‍ොන්ක්‍රීට් වලට ඉහළ ස්ථානයක් හිමිව පවතී. ගල් දැව හා යකඩ ආදියෙහි සීමාවෙන් මිදී ඕනෑම ඉස්ථානයක ඕනෑම හැඩයකට යොදාගත හැකි ක‍ොන්ක්‍රීට් සොයාගැනීමෙන් පසු ඉදිකිරිම් ක්ෂේත්‍රය විශාල පරිවර්ථනයකට ලක් විය. ක‍ොන්ක්‍රීට් සවි වන්නේ සිමෙන්ති හා ජලය අතර සිදුවන පියවි ඇසට නොපෙනෙන රසායනික ප්‍රතික්‍රියාවක් හේතුවෙනි. ක‍ොන්ක්‍රීට් යනු බැදුම් ද්‍රව්‍ය, සියුම් සමාහාර හා රළු සමාහාර, ජලය සමග නියමිත අනුපාතයකට මිශ්‍ර කිරීමෙන් සදාගත හැකි නිරිමිත ගොඩනැගිලි ද්‍රව්‍ය මෙන් ම වාස්තු කිරීමේ ක්‍රියාදාමය ප්‍රමිතීන්ට අනුකූලව සිදු කිරීම අත්‍යවශ්‍ය ය. ක‍ොන්ක්‍රීට් තනිව යොදාගන්නා විට තනි සරල ක‍ොන්ක්‍රීට් 
(Plain concrete) ලෙස හැදින්වේ. එසේම ක‍ොන්ක්‍රීට් තුළට වානේ කම්බි ක්‍රමානූකූලව එලා වඩාත් ශක්තිමත් කළ විට එය වැරගැන්වූ සිමෙන්ති ක‍ොන්ක්‍රීට් (R.C.C) වේ.


මොනවද මේ Concrete වල Grades කියන්නේ?




කෙටියෙන් කියනවනම් Grades කියල කියන්නේ concrete වල අනුපාතම තමයි. වැඩබිමක concrete අවශ්‍යතාවයන් සැපයීමට තමයි concrete ready mix plant පිහිටට එන්නේ, ready mix plant බොහෝමයක් අප රටේ‍ ඉදිකිරීම් සමාගම් සතුව පවතී. වැඩබිමක අවශ්‍යතාවයකට concrete order කිරීමේදී අදාල Grades අගය හා පරිමාව (මීටර් කියුබ්) පමණක් පැවසීම ප්‍රමාණවත් වේ.  වැඩබිමක concrete order කිරීම site manager හෝ stores keeper තැන අතින් සිදුවේ. concrete වල Grades අගය වැඩිවෙන්න වැඩිවෙන්න එම concrete මිශ්‍රයට වැය වන සිමෙන්ති ප්‍රමාණයත් වැඩි වෙයි(එනම් Grades 20 concrete මීටර් කියුබ් 3 ක් සැදීමට යන සිමෙන්ති ප්‍රමාණයට වඩා වැඩි සිමෙන්ති ප්‍රමාණයක් Grades 30 concrete මීටර් කියුබ් 3ක් සැදීමට වැය වේ).

නිවසක කණුපාදම් (Column base), කොන්ක්‍රීට් කණු (Column) , ලින්ටල (Lintel), කොන්ක්‍රීට් තලාඳ (Beam) සහ කොන්ක්‍රීට් තලය (Slab) ප්‍රධාන වශයෙන්ම ව්‍යුහාත්මක කොන්ක්‍රීට් භාවිතාවන අවස්ථා විදිහට හදුන්වන්න පුළුවන්. අපේ රටේ නිවසක් ඉදිකිරීම බොහෝවිට කාර්මික ඉදිකිරීම් පැත්තට නොවැටෙන නිසා, මේවා සදහා බොහෝවිට සිමෙන්ති: වැලි: මෙටල් 1:2:4 යන මිශ්‍රණ අනුපාතයන් යොදාගැනෙනු ලබනවා. මෙම මිශ්‍රණය G.20 නමින්ද හදුන්වනු ලබනවා. එයින් කියැවෙන්නේ දින 28 කදී මෙවන් කොන්ක්‍රීටයක් 20N/mm² ක සම්පීඩන ශක්තියක් අවම වශයෙන් ලබාගන්නා බවයි. කොහොම වුනත් ගෘහස්තමය ඉදිකිරිම් වලදි අපේ රටේ මෙම මිශ්‍රණය භාවිතා කෙරෙනුයේ සි:වැ:ගල් 1:2:4 වශයෙනුයි.

නිවසක ගෙබිම සඳහා යොදන කොන්ක්‍රීටය Bed Concrete ලෙස හදුන්වන අතර මහල් නිවාස අත්තිවාරමක පාදමට පෙර පතුලට යොදන නිසරු කොන්ක්‍රීටය (Screed Concrete) ලෙස හදුන්වයි.‍ Screed Concrete සදහා G.15 නමින් හදුන්වන 1:3:6 Concrete මිශ්‍රණ අනුපාතය භාවිතා කරනු ලබයි. G.15 මගින් කියැවෙන්නේ දින 28 කදී මෙවන් කොන්ක්‍රීටයක් 15N/mm² ක සම්පීඩන ශක්තියක් ලබාගන්නා බවයි. ඒනම් Concrete හි සම්පූර්ණ ශක්තිය ලැබීමට දින 28ක් ගත වේ.
screed concrete
screed concrete


Grades 10 ⇨ 1 : 4 : 8
Grades 15 ⇨ 1 : 3 : 6
Grades 20  1 : 2 : 4
Grades 25  1 : 1 1/2 : 3
Grades 30  1 : 1 : 2
Grades 40 ⇨ 1 : 1 : 2 + Admixture

Grades 40 හෝ ඊට ඉහළ අගයන් වලින් යුතු concrete මිශ්‍රයන් සැකසීමට විවිධ වූ Admixture එකතු කරයි. ම‍ෙම Admixture හා මිශ්‍රණ අනුපාත වැඩබිමෙන් වැඩබිමට වෙනස් වීමට පුළුවන. මම Admixture ගැන වෙනත් දවසක ලිපියක් අරගෙන එන්නම්, එහෙනම් අහන්න තියෙන දෙයක් තියෙනම් comment කරන්න.

concrete work-constructionway.blogspot.com
concrete work-constructionway.blogspot.com

උදාහරණයක් ලෙස වැඩබිමක, දිග 2000mm, පළල 2000mm, උස 300mm වූ concrete පාදමක්(footing) සදහා අවශ්‍ය Grades 30,  concrete ප්‍රමාණය සොයමු.
V= 2000mm x 2000mm x 300mm
=2m x 2m x 0.3m
=1.2m³
=1.2 මීටර් කියුබ්//

වැඩබිමක ඔහොම තමයි සීන් එක වෙන්නේ , අඩි භාවිතා වීමක් සිදු නොවේ. මෙවැනි දෑ වැඩබිමක QS තැනගේ වැඩ වුවත්, Site Superviser තමයි මේහිදී ගනණය කිරීම් කරන්නේ , ඒත් මේ දෙදෙනාම වැඩබිමක මෙවැනි ගණනය කිරීම් කල් ඇතිව කර සිටීම අවශ්‍ය වේ.(මොකද site manager කාරයා මේ දෙන්නගෙන්ම අහනව, ඒ වෙලාවට මම දන් නෑ මහත්තය කියල හරියන් නෑ)

concrete සම්බන්ධව විවිධ වූ පරීක්ෂණ කිහිපයක් ඇත. ඒවා නම්,

1. Concrete Slump test
2. Concrete Cube test... etc. මෙම පරීක්ෂණ දෙක ඔබ අනිවාර්යෙන්ම දැන සිටිය යුතුය.

වැඩබිමක් තුළ සිදුකිරීමට පුළුවන් (Slump test) හා ඒසේ කිරීමට නොහැකි (Cube test) යන ලෙස, concrete සම්බන්ධව විවිධ වූ පරීක්ෂණ බෙදීමට හැක. Cube test සදහා ready mix plant තුළින් වැඩබිමට පැමිණීමට පෙර plant ඒක තුළ හා වැඩබිමට පැමිණීමෙන් පසු අදාළ වැඩ කොටසට පෙර Test Cube කැට ගසනු ලැබේ. ඒම ස්ථාන දෙක අතර Test Cube කැටවල පරීක්ෂනයෙන් පසු ප්‍රතිඵල සමාන විය යුතුය. මේ සදහා භාවිතා කරන අච්චුවෙහි (mould) දිග, පළල, උස 100cm x 100cm 100cm හෝ 15cm 15cm 15cm ලෙස වේ. නමුත් 15cm 15cm 15cm යන අච්චුව දැන් බහුලව භාවිතා වේ. G.15 වැනි අඩු සැලකිල්ලක් දක්වන concrete වැඩ කොටස් සදහා test cube කැට ගැසීමක් සිදු නොවේ.

ඔය පහළ image ඒකේ තියෙන්නේ laboratory ඒකට compression strength test ඒහකට ගෙනාපු test cube කැට කිහිපයක් තමයි.

test cube-constructionway.blogspot.com
test cube

ඕනෑම ක‍ොන්ක්‍රීට් මිශ්‍රණයක ඇති ගුණාත්මක බව පහත සාධක මත රදා පවතී.
 අමුද්‍රව්‍යයන්ගේ ගුණාත්මක භාවය
 සමාහාරයන්ගේ වර්ගීකරණය 
⇝ මිශ්‍රණ අනුපාතය
 එකතු කරනු ලබන ජල ප්‍රමාණය
⇝ පදම් ගතිය හෙවත් වැඩ කිරීමේ  හැකියාව

ක‍ොන්ක්‍රීට්වල ගුණාංග (properties of concrete)

 දැඩි බව (Hard)
 ශක්තිමත් බව (Strength)
 කල් පැවැත්ම (Durability)
 ඝනත්වය (Density)
 අසව්වර බව (Non porous)
 ගිනි නොගැනීම (Fire resistance)
 ආර්ථික අතින් වාසිදායක බව (Economical)
 ජල රෝධනය (Water resistance)

Concrete Compaction - සුසංහසනය

කොන්ක්‍රීට් කණුවක් වැනි යමක් නිර්මාණයේදී අැතුලත පවතින වැරගැන්වූම් හේතුවෙන් සියුම් සමාහාරක ඉතිරි වී රළු සාමාහාරක පමණක් ඒක් තැනකට ඒක් රුස් වීමට පුළුවන. මෙවැනි Segregate තත්ව වළක්වා ගැනීමට කොන්ක්‍රීට් සුසංහසනය කරනු ලැබේ. කොන්ක්‍රීට් භාවිතයේදී කොන්ක්‍රීට් සුසංහසනය සදහා යාන්ත්‍රික ගිලුම් කම්පක (Poker vibrator) හෝ කම්බි කූරක් අාධාරයෙන් අතින් ව්‍යුහය තුළට කෙටීම සිදු කළ හැක. මෙය හරි අකාරයට නොකෙරූ විට Honeycomb ඉතුරුකරමින් එය වඩාත් දුර්වලඑකක් බවට පත්කරනු අැත. ඒහෙම පොකරේ හරියට අල්ලපු නැති, Honeycomb හැදිච්ච කොන්ක්‍රීට් කණුවක් තමයි පහල තියෙන්නේ.
honeycomb in concrete column-constructionway.blogspot.com
honeycomb in concrete column

Concrete Cover - වැස්ම

මොකද්ද මේ “වැස්ම” (Cover) කියන්නේ. නමේ තේරුම පරිද්දෙන්ම මේකත් කිසියම් ආකාරයක ආවරණයක් තමයි. කොන්ක්‍රීට් ව්‍යුහයක අඩංගුවන වැරගැන්නුම් කම්බි සහ එහි බාහිර පරිසරය අතර පැවතිය හැකි අවම සම්මත දුරප්‍රමාණය එහි වැස්ම විදිහට හදුන්වන්න පුඵවන්. මෙය ඒ ඒ ව්‍යුහයෙහි ස්වභාවයත්, එහි ස්වරූපය සහ කාරියභාරයත්, එය පවතින පරිසරයත් ආදී සාධක බොහෝමයක් මත රඳාපවතිනවා. සාමාන්‍ය තත්ව යටතේ ඉදිකරනුලබන නිවසක, වායව එහෙමත් නැතිනම් පොලව මට්ටමින් ඉහල ව්‍යුහයන් සඳහාවැස්ම 25mm ලෙසත්, අත්තිවාරම් ආදි භූගත ව්‍යුහයන් සඳහා වැස්ම 30mm ලෙසත් පවත්වා ගැනීම වරදක් නැහැ. එහෙත් කිසියම් ඉදිකිරීමක් සඳහා ව්‍යුහාත්මක සැලැස්මක් සකස්කොටගෙන තිබේනම්, එහි සදහන්වන ප්‍රමාණයන් වැස්ම වශයෙන් උපයෝගීකරගත යුතුවනවා.

කොහොමද ඔය කියන වැස්ම කොන්ක්‍රීටයක ශක්තියට දායක වෙන්නේ ?.
ඒක මේ විදිහට ‍පැහැදිලි කරන්නම්.

කොන්ක්‍රීටයක් ස්වභාවිකවම වැඩි සම්පීඩන ශක්තියක් (තෙරපීමට ඔ‍‍රොත්තුදීමේ හැකියාවක්) දරනවා. එහෙත් එය සතුවන්නේ සාපේක්ෂව ඉතා අඩු ආතතික ශක්තියක් (ඇදීමට ඔ‍‍රොත්තුදීමේ හැකියාවක්) පමණයි. සාධාරණ කොන්ක්‍රීට් ව්‍යුහයකට, සම්පීඩන ආතතික යන දෙවර්ගයේම බලයන්ට ලක්වීමට සිදුවන නිසා, කොන්ක්‍රීටයෙහි ආතතික ශක්තිය වැඩිකරලීම උදෙසා වැරගැන්නුම් (Reinforcement) එකතුකරනු ලබනවා. කිසියම් කොන්ක්‍රීටයක අභ්‍යන්තරය තුල පිහිටවනු ලබන යකඩ කම්බි, මෙලෙසින් යොදාගනු ලබන ජනප්‍රියම වැරගැන්නුම් විශේෂයයි.

මෙසේ යොදනුලබන යකඩ කම්බි මළකෑමෙන් වලක්වාගැනීමට නම් ඒවා බාහිර පරිසරයෙන් වෙන්කර තබාගත යුතුවෙයි. ඒ වගේම කම්බියක ශක්තිය කොන්ක්‍රීටයට ලබාගැනීමට නම් එම කම්බිය කොන්ක්‍රීටයට නිසිපරිදි සවිවීම (grip) අවශ්‍ය වෙයි. ඒ සදහා එම කම්බිය වටා යම් කොන්ක්‍රීට් ප්‍රමාණයක් පැවතිය යුතුබවත් ඔබට වැටහෙනවා ඇති. මේ අනුව නිවාස වැනි කාර්මික නොවන ඉදිකිරීමකදී, පොලව මට්ටමින් ඉහල
(superstructure) ව්‍යුහයක G20 කොන්ක්‍රීටයක් සඳහා යෝජනාකලහැකි වඩා සාධාරණ ඉඩප්‍රමාණය එහෙමත් නැතිනම් වැස්ම, 25mක් ලෙස සලකන්න පුළුවන්.

ඉතිං ඇයි ඕකට අඟලක්ම තියන්නේ. වැඩිපුරත් එක්ක 2” (50mm)ක්ම තිබ්බොත් මොකද වෙන්නේ ?

මේකට උත්තරේ මම කලින්ම දුන්නා. කම්බි යොදන්නේ ආතතික ශක්තිය වැඩිදියුණු කරන්න. ඉතිං ඒ අනුව කම්බි ස්ථානගත වෙන්න ඕනත් වැඩිම ආතතික බලයන්ට ලක්වන ස්ථානයන්වලයි. සාමාන්‍යයෙන් කිසියම් ව්‍යුහයක මෙවන් බලයන්හි උපරිම ක්‍රියාකාරිත්වය එහි බාහිර පෘෂ්ඨයට ඉතාම ආසන්නව ක්‍රියාත්මක වෙනවා.

ඒඅනුව වැඩිපුර ප්‍රමාණයක් වැස්මක් පැවතීම යනු යම් ව්‍යුහයක සක්‍රිය හරස්කඩ අඩුකරගැනීමකට සමාන කරන්න පුඵවන්. වෙනත් විදිහකින් කිව්වොත් 2” වැස්ම සහිතව ඔබ සකස්කරගන්නා 9” x 9” කොන්ක්‍රීට් බීම් එකක් ක්‍රියාකරන්නේ 1” වැස්ම සහිත 8” x 8” ප්‍රමාණයේ බීම් එකක් විදිහටයි කියලා ඔබ සැලකුවාට මහා වරදක් නැහැ.

අවාසනාවකට වගේ බොහොමයක් පෙදරේරු මහතුන් වැඩිපහසුව සලකා, වායව කොටස් සදහාත් 30
mm ක හෝ එයටත් වඩා වැඩි ප්‍රමාණයක වැස්මක් යොදාගනු ලබනවා දකින්න පුඵවන්. ඒවගේම එමගින් කම්බි පිටතට නිරාවරණය වීමට ඇති අවස්ථාව අඩුකෙරෙන නිසා වැඩෙහි නිමාව පිලිබදව ගනුදෙනුකරුගේ අපවාද වලට ලක්වෙන්න ඇති ඉඩකඩත් එයින් ඇහිරෙනවා නොවැ. ඒත් එය නිවැරදි නොවන බවත් එහෙම කලොත් කොන්ක්‍රීටයෙහි ශක්තිය අඩුවන බවත් මේවන විට ඔබට පැහැදිලිවෙන්න ඕන.

වැඩබිමේදී නිවැරදි ප්‍රමාණයට වැස්ම පවත්වාගන්නේ කෙසේද ?

මේකට නිවැරදිම ක්‍රමවේදය වැසුම්කැට (Cover blocks) භාවිතා කිරීමයි. වැසුම්කැට යනු සිමෙන්ති, වැලි හා චිප් ගල්  යොදාගෙන අවශ්‍ය වැස්මෙහි ඝණකම සහිතව, කපාගනු ලබන 2”x2” ප්‍රමාණයෙහි අඵවාකෑලි ආකාරයේ කැට විශේෂයක්. අවශ්‍යනම් බදාමය සවිවීමට පලමුව එහි මැදින් බැඳුම් කම්බි කැබැල්ලක් සවිකරගැනීමටද පුළුවන්. 
Cover blocks කැටයක් සැදීමට රු 15-20 අතර මුදලක් වැය වේ. මෙයට අමතරව යම් කොන්ක්‍රීට් ව්‍යුහයක ගින්න‍ට ඔරොත්තුදීමේ හැකියාවද වැස්මෙන් තීරණයවන වේ.

බැදුම් ද්‍රව්‍ය (Matrix)

බැදුම් ද්‍රව්‍ය මගින් වෙන් වෙන්ව පිහිටි ද්‍රව්‍ය ඒකක අතර බැදීමක් ඇති කරයි. ඒ සදහා සාමාන්‍ය පෝට්ලන්ඩ් සිමෙන්ති භාවිතා කරයි. සිමෙන්ති ගබඩා කිරීමේදී එක මත තැබිය හැකි උපරිම සිමෙන්ති මළු සංඛ්‍යාව 10 කි. පරිසරයේ ආර්ද්‍රතාව ඉහළ විට එකමත තැබිය හැකි උපරිම මළු සංඛ්‍යාව 8 කි.


සිමෙන්තිවල රසායනය.

ට්‍රයිකැල්සියම් ඇලුමිනේට් -3 CaO . AlO₃ (CA)
ට්‍රයිකැල්සියම් සිලිකේට් -3 CaO . SiO₂(CS)
ඩයිකැල්සියම් සිලිකේට් -2 CaO . SiO₂(CS)
ටෙට්රා කැල්සියම් ඇලුමිනෝ ෆෙරයට්- 4 CaO . Al₂O . FeO(CAF)

Cසංයෝගය ජලය කෙරෙහි දැඩි සංවේදීතාවක් ජලකාමී බවක් දක්වයි. එහෙත් CAF ජලභීතික වේ.
සිමෙන්ති වලට ජලය යෙදූ විට සිමෙන්තිවල සංයෝග ජලය සමග ප්‍රතික්‍රියා කර එම සංයෝගවල හයිඩ්‍රේට සාදයි. එවිට එම සංයෝග වල හයිඩ්‍රේට සහිත ජෙලියක් ඇති වේ. එනම් සිමෙන්ති සවි වීම යනු එම හයිඩ්‍රේට සවි වීමයි. සිමෙන්ති යොදා සාදන concrete වල කල්පැවැත්මද බොහෝ දුරට හයිඩ්‍රේට මත රදාපවතී.
concrete වලට ජලය එක්කරන විට නියමිත ප්‍රමාණයට වඩා අඩු හෝ වැඩි වීමෙන් එහි ශක්තිය බොහෝදුරට අඩු වේ. සමාන්‍යයෙන් concrete සදහා යොදා ගන්නා සිමෙන්ති ප්‍රමාණය‍ේ බරින් 40%ක් හෝ 50% පමණ ප්‍රමාණයක් ජලය යොදාගත යුතුය.
concrete සුසංහසනය කරන ආකාරය අනුව ඒ සදහා යොදන ජල ප්‍රමාණය තීරණය කරයි. යන්ත්‍රානුසාරයෙන් කම්පකයක් ආදී උපකරණයක් භාවිතා කර කම්පනය කරනු ලබයි නම් ජල සිමෙන්ති .අනුපාතය 2:5 වේ. යන්ත්‍රානුසාරයෙන් සුසංහසනය කරනු ලබන්නේ නම් ජලය ලිටර් 40ක් අවශ්‍යය. කම්බි කූරක් හෝ තාප්ප මෝලක් ආධාරයෙන් සුසංහසනය කරනු ලබන්නේ නම් ජලය ලීටර 50ක් අවශ්‍යය.
ඉහත කරුණු වලට අනුව කම්පකයක් මගින්  සුසංහසනය කිරීමේදී සිමෙන්ති 50kg බෑගයකට ජලය ලීටර 20ක් යෙදිය යුතු අතර, කම්බි කූරක් හෝ තාප්ප මෝලක් ආධාරයෙන් සුසංහසනය කරන විට ජලය ලීටර 25ක් යොදාගත යුතුය.
උදා,
ජල ප්‍රමාණය 50% නම්, 50kg * 50/100 = 25kg
ජල ප්‍රමාණය 40% නම්, 50kg * 40/100 = 20kg

එනම් concrete සදහා ජලය යොදන ප්‍රමාණය ඉතා වැදගත් වේ. නියමිත ප්‍රමාණයට වඩා ජලය වැඩියෙන් යෙදූ විට එම ජල බිංදු concrete තුළ රුදී තිබී පරිසර උෂ්ණත්වයත් සමග වාෂ්ප වී යාම නිසා concrete තුළ කේෂික සිදුරු ඇති වේ. මෙම කේෂික සිදුරු ප්‍රමාණය concrete හි සම්පූර්ණ පරිමාණයෙන් 5% වූ විට, concrete හි මැඩුම් ප්‍රබලතාවය 90 kg/cm² ප්‍රමාණයක් අඩු වේ.

කේෂික සිදුරු ඇති වීම concrete හි පරිමාවෙන් 10% ක් වූ විට concrete තුළ මැඩුම් ප්‍රබලතාවය 190 kg/cm² ප්‍රමාණයක් අඩු වේ.

concrete සදහා ජලය අඩුවෙන් භාවිතා කළ විට සිමෙන්ති වල ප්‍රතික්‍රියාව අවසන් වීමට තරම් ජලයක් නොමැති වීමෙන් ජලය සමග ප්‍රතික්‍රියා කිරීම නිසි ලෙස සිදු නොවී ඝණ සංඝටක අතර ශක්තිමත් බැදීමක් ඇකි නොකරයි. එවැනි දුර්වල සංඝටක භාවිකා කිරීමෙන් concrete ඉතා ඉක්මනින් බිදවැටිය හැකිය.


සියුම් සමාහාර

4.8 කට වඩා අඩු කොටු සහිත දැලකින් සම්පූර්ණයෙන් හලා ඉවත්කරගත හැකි ඉදිකිරීම් සදහා භාවිතා කරන ඉදිකිරීම් ද්‍රව්‍ය සියුම් සමාහාරක වේ. මෙම සියුම් සමාහාර තුළ පස්, දූවිලි, රොඩු, මඩ ආදිය නියමිත ප්‍රමාණයට වඩා රුදී ඇත්නම් ඒවා පිරිසිදු සියුම් සමාහාර ලෙස හදුනාගත නොහැක.

රළු සමාහාර

4.8 කට වඩා අඩු කොටු සහිත දැලකින් හැලීම සිදු උවත් එහි උපරිම ප්‍රමාණය 50 ඉක්මවා නොයන ඉදිකිරීම් සදහා භාවිතා කරන සමාහාරක ද්‍රව්‍ය රළු සමාහාරක වේ.


ජලය

concrete සහ බදාම මිශ්‍ර කිරීමට ය‍ොදාගන්නා ජලය නියමිත ගුණාංග තත්වයන්ගෙන් තිබිය යුතුය. එනමි, බීමට සුදුසු ජලය විය යුතුය. ‍ක‍ොන්ක්‍රීට් මිශ්‍ර කිරීම සදහා යන්ත්‍ර භාවිතා කර මිශ්‍ර කිරීම සිදු කරන්නේ නම් පිරිසිදු ජලය, භාවිතා කරන මිශ්‍රනය්‍ෙ බර අනුව හා්‍ෙ මිශ්‍රණය‍ේ පරිමාණය අනුව වෙනස් ව්‍ෙ. ලවන වලින් ත‍ොර පිරිසිදු ජලයට SLS 522 : 1981 සහතිකය හිමි ව්‍ෙ. ජලය මගින් ‍ක‍ොන්ක්‍රීට් වලට ඉටුවෙන කාර්යයන් කිහිපයකි. ඒවා නම්,

⇝ concrete මිශ්‍රනය‍ේ වන සියුම් සමාහාරක සහ රළු සමාහාරක ද්‍රව්‍ය එකට මිශ්‍ර කර සිමෙන්ති හා සමාහාර අතර ස්නේහකයක් ලෙස ක්‍රියා කරයි.

⇝ සිමෙන්ති සජලීකරණ (Hydration)ක්‍රියාවලිය සදහා රසායනික ද්‍රව්‍ය දායක කරගැනීම සිදු කිරීමට

⇝ ‍ක‍ොන්ක්‍රීට් අදාල කාර්යයට භාවිතා කිරීමෙන් පැය 12 කට පසුව සිට ඉදිරියට දින 21ක් දක්වා නියමිත පරිදි ජලය එක් කරමින් ‍concrete පදම් (Curing of Concrete) කිරීමට.

ක‍ොන්ක්‍රීට් සදහා වන ද්‍රව්‍ය අනුපාත හා ඒවාය‍ේ භාවිතයන්...

ක‍ොන්ක්‍රීට් මිශ්‍රණය කරනු ලබන මිශ්‍රණ ද්‍රව්‍ය නියමිත අනුපාතයට භාවිතා කිරීමෙන් ක‍ොන්ක්‍රීට් වල ශක්තිමත් භාවය වැඩි කර ගත හැක. එම නිසා ක‍ොන්ක්‍රීට් සදහා ද්‍රව්‍ය තෝරා ගැනිමේදි එම ද්‍රව්‍ය වල ගුණාත්මකභාවය පිළිබද පිළිබදව සැලකිලිමත් විය යුතු අතර එම ද්‍රව්‍ය මිශ්‍ර කිරීමට ප්‍රථම ද්‍රව්‍ය වල බර අනුව හෝ පරිමාව අනුව වර්ග කර ද්‍රව්‍ය නියමිත ප්‍රමාණයට තෝරාගනු ලැබේ. කුඩා පරිමාණ ඉදිකිරීම් සදහා පරිමාණය භාවිතා කරන අතර, බර අනුව ද්‍රව්‍ය ප්‍රමාණය තීරණය කිරීම විශාල ප්‍රමාණයේ ඉදිකිරීම් වලදී සිදු කරයි. එම ක්‍රියාවලිය Batching කිරීම ලෙස හැදින්වේ. එනම් දෙයාකාරයකට Batching කිරීම සිදුවේ.
පරිමාණය අනුව ද්‍රව්‍ය මැනීමේදී නිවැරදි පරිමාණ ගැනීම සදහා (ICTAD) ප්‍රමිතියට අනුකූලව ද්‍රව්‍ය තෝරාගැනීමට ආමාන පෙට්ටිය භාවිතා කරයි. මෙම ආමාන පෙට්ටියේ අභ්‍යන්තර ප්‍රමාණයෙන් දිග 400mm පළළ 350mm ගැඹුර 220mm ලෙස වේ.

ක‍ොන්ක්‍රීට් මිශ්‍රණ අනුපාත හා එම අනුපාතයන් යොදාගන්නා කාර්යයන් පහත පරිදි වේ.

1 : 1 : 2  For machine foundation, footings for steel columns and concreting under water.

1 : 1 1/2 : 3  Water tanks, shells and folded plates, for other water retaining structures.

1 : 2 : 4 ⇏ Commonly used for reinforced concrete works like beams, slabs, tunnel lining, bridges

1 : 3 : 6  Screed Concrete, Piers, abutments, concrete walls, sill of windows, floors.

1 : 4 : 8  Mass concretes like dam, foundation course for walls, for making concrete blocks.


ලිපිය ඉතින් ටිකක් දිග වැඩි උනා, ඒ උනත් දැනගන්න අවශ්‍ය ඔක්කොම වගේ අැති. අහන්න දෙයක් ඒහෙම තියෙනම් Comment කරන්න. ඔයාගේ Comment ඒක මට හයියක් වේවි. ඔයාලගේ යාළුවන්වත් මේ අඩවිය ගැන දැනුවත් කරන්න මෙම ලිපිය share කරල.
ස්තූතියි.!
Sign up today and earn money with Best Affiliate Program & Currency exchange Website...
 <<Click here to register>>
https://www.bestchange.com/?p=93710

යාළුවනේ මෙන්න මුදල් උපයන්න හොද 
website එකක්, site එකෙන් දෙන Affiliate ලින්ක් share කරන්න තියෙන්නේ ඒ වගේම ඔයාල උපයන මුදල් වෙනත් මුදල් ඒකකයන්(Bitcoin, Litecoin, BTC-e) බවට හරවගන්නත් පුලුවන්, උවමනාව තියෙනම් ඉක්මනින්  1$ක් හොයාගන්න පුලුවන්. ෆේස්බුක් එහෙම share කරයි කියල නම් වැඩක් වෙන් නෑ හොදද, ඔයාලත් මෙතනින් ගිහින් අදම උස්සාහ කරල බලන්න.https://www.bestchange.com/?p=93710
https://www.bestchange.com/?p=93710
read more article :-

බැංකු අයිරා පහසුකම්, භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර

Quantity Surveyor - ප්‍රමාණ සමික්ෂකවරයා

Tender Procedure-Sinhala 01

Tender Procedure-Sinhala 02

Costing for Plastering Cement Motar

Type of Contracts - කොන්ත්‍රාත් වර්ග